👑🌺 කිරුළ 4 🌺👑

842 129 96
                                    

~~~🌷🌷❤️❤️❤️💚💚💚
සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත, නිදුක් නිරෝගී සුබ අළුත් අවුරුද්දක් වේවා මගේ කදුලු සුරදූතයිනේ..~~~🌷🌷🌷❤️❤️❤️💚💚

~~~🌷🌷🌷❤️❤️❤️💚💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~ කෙනුල POV ~~~

ස්කුල් ගිහිං ආපු මං උදේ ඉතිරි බත් ටිකකුත් කාලා හෙට විටට ඔතන්න පුවක් ටිකකුත් කපලා තියලා කරදමුංගු ,කරාඹූ නැටි,සාදික්කා ,වසාවාසි,ඉඟුරු පියලි ,කොත්තමල්ලි ලට්ට පට්ට ඔක්කොම පොඩි යකඩ වංගෙඩියේ දාලා කොටලා විටට ඔතන සුවද කුඩු ටිකත් හැදුවා...මහ ගොඩක් නෙමෙ ගිනිපෙට්ටියක් විතර සයිස් පුංචි කොලේක ඔතලා,බුලත් පුවක්,හුණු දුම්කොල එක්ක සුවද කුඩු ටිකකුත් රුපියල් 50 හෙ විටයක් එක්ක ඔතන්න ඕන...අපි දැම්මට කන අය කනවාද කියන්නවත් නොදන්නවා උණත් පිළිකා අනම් මනම් ලෙඩ ඇති නොවෙන්න  හරි විදිහට විට කන්න ඕනා විදිහ ආයුර්වේදේ එහෙම සදහන් වෙන්නේ එහෙමළු...

යාන්තං 4 පහුවෙද්දී වැඩ ටික ඉවර කරලා ගේත් අතුපතු ගාලා දාපු මං ලොකු බේසමට හෝදන්න තිබුණ වළං ටිකත් පටවාගෙන බකට් එකෙන් එකක් සෝදන්න තිබුණු රෙදිත් එකතු කරගෙන  ගේ ඉස්සරහින් කුඹුරු යායට එපිටින් තියෙන පොඩි ඇලට ආවා...ගේ හදන්න වැඩ පටන් ගද්දී ගේ ළඟම තාත්තා අඩි 30ක් විතර යටට අතින් හාරපු නල ළිඳක් හදවලා තිබුණත් අවුරුදු බාරගාණක් ආපහු අලුත් වැඩියා කරලා නැතිව රොන් මඩ පිරිලා නිසා තියෙන වතුර ටික උඩට ගන්න අත කැඩෙනකං ජැක් එක ගහ ගහ ඔට්ටු වෙන්න උණා...

වැඩ කරලා කරලා මහන්සියට රෙදි කන්දකුයි වළං කන්දකුයි නලෙන් සෝදන්න ගියොත් හොඳ පණ යන නිසා ඇලේ වතුර තිබුණ දවසට අම්මා උණත් මං උණත් කරේම ලට්ට පට්ට උස්සන් ඇලට එන එක...මේ දවස්වල කුඹුරු වපුරන කාලෙ නිසා කොහොමත් හැමදාම වගේ ඇලේ වතුර තිබුණා...
ගමට යන පාරත් අපෙ ගෙදරින් එන පාරත් එකට එකතුවෙන තැනම මයිල ගහ යටින් ඇලට බහින්න අඩි 3ක් විතර පළලට, පඩි 5ක් එක්ක පසිමෙන්ති පඩි ටිකක් දාලා තිබුණා වෙද්දි එතනට හැමෝම කිව්වේ වෙළේ ගෙදර මංකඩ කියලා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now