👑🌺 කිරුළ 15 🌺👑

571 116 102
                                    

අද දවස වෙනුවෙන් ගොඩක් බලාපොරොත්තු තිබුණත් ඉෂ්ට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ බලාපොරොත්තුව දැන් ටික වෙලාවකට කලින් පුංචි හිම කැටියක් වගේම බිදිලා විසිරිලා ගියා වෙද්දි..එයත් එක්ක නත්තල් සමරන්න හීන මවපු මං වෙල මැද්දෙ අට්ටාලේ උඩ තනිවෙලා හිටියා..පාටියට ගියපයින් ආයි ගෙදර ගිහිං උත්තර බඳින්න බැරි කමට,ඊටත් හිත හදාගන්න තනිවෙන්න ඕනා උණ නිසාම,බංගලාවෙන් දීපු බඩු මලු ගහ පාමුල තියලා නත්තල් සීයාගේ පුංචි මැටි පිළිමෙ විතරක් අතින් අරන් අට්ටාලෙට නැගපු මන් බංගලාව පැත්තට මූණ දීලා වාඩි උණා... බල්බ් වැල් එක්ක ඈතට හරි ලස්සනට පේන බංගලාව දිහා බලන් හිටපු මට, ගෙවුණ විනාඩි ගාණට කිවෙනි පාරටදෝ මහම මහ බරට සුසුමක් පිට උණා...

දවස් දෙකකට කලින් පෝයත් පහුවෙද්දී,හිටි හිටි ගමන් වැහි වළාකුළු අස්සෙ හඳ අතුරුදන් උණත් අද තිබුණෙම සම්පූර්ණ පිරුණ හදක් වෙද්දි,එයා මේ වෙලාවේ ළඟ උන්නා නම් කියලා මගෙ හිත අඬා වැටුනා...පැහැදිලිව නොපෙනුණත් මේ තරම් දුර ඉඳන් උණත්, එයාගෙ කාමරේ බැල්කනිය තියෙන තැන හරියටම අදුණා ගන්න පුළුවන් වෙද්දි දවල් එයා ලියා මිස් එක්ක උන්න හැටි මට මැවිලා පෙනුණා...කල්පනා කරද්දි කරද්දි සමහරවිට එලිනා මැඩම්ගෙ වචන වලට මේ තරම් රිදුණේ ඒ වචන වල සැර කමටත් වඩා දවල් දැකපු දේ නිසා වෙන්න ඇති කියලා මට තේරුම් ගියා..

කොහොම උනත් හිත රිදෙන රිදිල්ලට, දැනෙන කේන්තියට අඬන්න ඕනා උණත්, දවල් දැකපු දේ නිසා දැනටමත් මුළු දවසෙන් භාගයක් මං ඇති වෙන්න අඩලා ඉද්දී, මට වටින්නෙවත් නැති මං අදුණන්නෙවත් නැති නාකි ගෑනියෙක් කියපු වචන නිසා ආපහු අඬන්න ඕනා නොවෙද්දී මං කදුළු හිර කර ගත්තා...ඒ වෙලාවේ අනික් අතට දෙකක් කියාගන්න බැරි උණ එක ගැන දුකක් දැනුණා...වෙන දෙයක් වෙන්න ආපිට බංගලාවට යන්න හිතුණත්, මේ හිත රිදිලා ඉන්න අස්සෙ සර්ව ලියා මිස් එක්ක ආපහු දකින්න වෙයි කියන බයට මං පස්ස ගැහුවා..හිතේ ආවේගෙට නත්තල් සීයාගේ පුංචි පිළිම රූපේ වෙළේ ඈතට විසිකරන්න හිතුණත්, මට දුක් වෙන්න සාධාරණ හේතුවක්වත්,අයිතියක්වත් නැතිදෝ හිතෙද්දි මං ආපහු ඒක අතේ ගුලි කර ගත්තා...සමහරවිට ආරි මාමා කිව්වා වගේ...මං දැන්ම මඟ ඇරලා යන එක හොඳද..ස්කූල් ගමන නතර උණත්, මට වැඩිපුර කියක් හරි හොයන් ණයත් ගෙවාගෙන එයාව මඟ අරින්නත් පුළුවන් වෙයි...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now