👑🌺 කිරුළ 42 🌺👑

738 110 54
                                    

ඉතිං එයා හැමදේම හොයාගෙන....දරා ගන්න අමාරු උණත්...අපි ඒ ඇත්තට මූණ දෙන්න ඕනා...එයා වගේ මමත්....හිතට එකඟ නැති උණත් මං ආපහු ප්‍රාර්ථනා කරා....දෝනි එයාගෙ වෙන්න එපා කියලා...ඒත් අහපු දේ එක්ක මගේ ලේ ටිකත් එක්ක වතුරවෙලා ගියා.....

"ඔයාගෙ දෝනි මගෙ කිරුළු...මමයි එයාගෙ ඩඩා..."

"න්...නෑ... නෑ..ඒක ඒ..ක එහෙම වෙන්න බෑ සර්...ඒ..ක..දෝ..නිගේ අම්මා සිහලි...නම්...ඒ ඔයා වෙන්න බෑ සර්...ඒ...සිහලි...."

කාසියේ දෙපැත්ත වගේ තියෙන්නේ උත්තර දෙකක් කියන්න වගේම මේ එක උත්තරයක් බව දැනගෙන හිටියත් එයාගෙ කටින්ම අහද්දී මට දැනුණේ ඔළුව උඩ අකුණක් ගැහුවා වගේ වෙද්දී මන් එයා දිහා බලන් ගොත ගැහුවා...

"මොකෝ මේ බයවෙලා ම්ම්..එහෙම නේද හිතන් හිටියෙ..."

"ඒ..ඒක..අනේ..සර්.."

"මගේ නම් ගම් දෝනිට දුන්නේ නිකං නෙමෙ කියන්න මං දැන් දන්නවා බබා...අනික දැන් ටිකකට කලින් අහපු ඔක්කොමත් එක්ක මට හිතෙනවා...උඹ ඔය කිව්ව ඔක්කොම හේතු වලටත් වඩා මාව අත අරින්න හේතු උණේ මගෙ කෙල්ල කියලා...අර ගෑනි..උඹට දරුවා ගැන කියලා තර්ජනේ කරා නේද මැණික...ම්ම්..බය කරාද උඹව.. බය උනාද කෙල්ලට කරදර කරයි කියලා..කසාද බැන්දා කියලා හිතපු මට.. දරුවා මට බාධාවක් වෙයි කියලා...මං දන්නවා..ඔක්කොටම පස්සෙත් උඹ මට වයිර කරේ නෑ..කරා නම් උඹ කෙල්ලට මගේ නම් ගම් දීලා මාව ඒ කෙල්ලගේ හදවතේ උඩම තැනක තියන්නේ නෑ...කියපන්..දරුවාව මං වෙනුවෙන් පරිස්සම් කරන්න ඕනා උණා නේද..ඒ නිසා නේද...දරුවත් අරන්ම යන්න ගියේ..."

"ම්ම්..මං...."

එයා මගේ අත් දෙකෙන් අල්ලන් ඇස් වල කඳුලු පුරවන් අහද්දී උත්තර දෙන්න වචන තිබුණෙ නෑ මට..ඒත් එයාගෙ වචන එක්ක තේරුනේ දරුවා එයාගේම කියලා වෙද්දී...දරුවා එයාගෙන් ඈත් කරපු එක ගැන කේන්තියක් තියෙන බව නොපෙනෙද්දී සැනසීමක් දැනුණත් අනික් අතට බයටම මගේ අත පය පවා වෙවුළුවා...

"මට කියන්න ඕනා මෙච්චරයි බබා...මං දැන් මොනා කිව්වත්...මොනා දැන ගත්තත්...උඹ ඔළුවේ තියා ගන්න ඕනා එකම දේ...ධෝනි මගේ...තේරුනාද...ස්ස්...හිතට එන මොකුත් නොකියා මුලින් මට ඕනා ටික කියන්න කොහොමද එහෙම හිතුවෙ...ධෝනි මගෙ කියලා කොහොමද හිතුවෙ ම්ම්.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now