👑🌺 කිරුළ 10 🌺👑

583 122 108
                                    

මං එයා ළඟින් දිගා උණේ ඇයිද කියලා මටම හිතා ගන්න බැරි උණා...

"ස්..ර්.."

ඈතින් ඇහෙන ගෙම්බෙක්...රැහැයියෙක් කෑ ගහන සද්දේ ඇරුනම වටපිටාවම නිහඬ නිසාදෝ...මට දැනුණේ එයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ කන් අස්සෙ දෝන්කාර දෙන බවක් වෙද්දි...අට්ටාලෙන් පහල පැද්දී පැද්දී තිබුණ එයාගෙ දිග කකුලක් හිටි හැටියේ මගෙ කකුලක පැටලිලා යද්දි මං එයා දිහා බැලුවේ බයවෙලා...ඇහුණ සද්ද දෙක තුනත් නෑහිලා යද්දි කණට වඩා පපුවට දරන්න බැරි තරම් අපි හුස්ම ගන්න සද්දේ වටපිටාවේ නිහඬබව බිඳලා යද්දි...එකට පැටලුණ දනිහෙන් පහල නිරුවත් කකුල් එක්ක අපි දෙන්නා තේරුම් ගන්න බැල්මකින් ඔළුව විතරක් හරවන් එකිනෙකා දිහා අඳුරට හුරු උණ ඇස් වලින් බලන් හිටියා...

"ඇයි...අද දුකින් උයා...වෙනදා වගේ...නෑ....ගුඩක් වෙනස්... silent වෙලා..."

එකට පැටලුණ බැල්ම එක්ක සෑහෙන වෙලාවක් යද්දි එයා මගෙ කකුලත් එක්ක තිබුණ පටලැවිල්ල ලිහා ගන්න ගමන් වැල මිට උඩ ඔළුව තියන්ම මගෙ පැත්තට හැරුණා..ඒ විතරක් මදිවෙලා,මගේ පියවි සිහිය එක්ක සෙල්ලම් කරන ගමන්, මගෙ ඉන වටේ අත යවලා...මාවත් එයා දිහාට හරව ගත්තා...ගෙදර පලයං කෙනුළයෝ කියලා මොලෙන් පණිවිඩ පිට පණිවිඩ රතු එළි එක්කම එවද්දීත්... ගින්දරට ඇදෙන පළගැටියා වගේ...මිරිගුවක අතරමං උණ මුවෙක් වගේ...මට එයා ළඟ...ඒ උණුහුම දැනෙන නොදැනෙන මානෙ ඉන්න ඕනා උණා..

කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව...ප්‍රස්නකිරිමක් නැතිව එයා නූල අදින අදින පැත්තට මන් රූකඩේ වගේ එහා මෙහා වෙද්දි එයාගෙ ලොකු අතක් ඇවිත් ,ඉනට උඩින් වැටිලා තිබුණ මගෙ අත උඩ නවතින ගමන් ඒ දිග ඇගිලි අස්සෙ මගෙ හිනී ඇගිලි හිර කරගද්දීත්, මොන රටේද බං යාළුවෝ මෙහෙම ඉන්නෙ කියලා අහන් එයාව තල්ලු කරන්න හිත කිව්වත්...අද මං මාවම දන්න නිසාදෝ...එයාගෙ හැසිරීමෙන් මට වෙනදට වඩා දෙයක් දැනුණා...අමුතුවෙන් දැනුණ දෙයක් නෙමෙ...මීට කලින් දැනුණත්, පිළිගන්න අකමැති උණ,ඒ බැල්මක් ස්පර්ශයක් ගානේ දැනුණත් නොදැනුණා වගේ උන්න දෙයක් කවදාටත් වඩා මට දැනුණා...නිකංම යාළුකමකට වඩා දෙයක් එයාට ඕනදෝ කියලා මගේ හිත මගෙන් අහද්දී, ඒ වේගවත් සුදුම් මගෙන් ඇහුවේම මීට වඩා අපිට ළංවෙන්න බැරිද වගේ කතාවක් බව හිතෙද්දීත්...මූනට වැදෙන යන්තමින් මත් ගතියක් තැවරුන.. එයාගෙ සුසුම් වලට ඉව අල්ලන ගමන් මං ඔහේ බලන් හිටියා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now