"අනේ මට බෑ සර්...මට ඕනා නෑ යන්න..මට මෙහෙම හොඳයි සර්..අනේ රිසල්ට් ආවම මෙහෙ ජොබ් එකක් හොයාගන්නම් සර්..."
එයාගෙ අස්සටම වෙලා ලියුම කඩපු මන් පිස්සෙක් වගේ ඔහේ ඇඬුවා..දැක දැක හිටපු ලස්සන හිනෙන් අහරෙන්නෙ නැතිවම මන් ලස්සනද නැද්ද වත් හිතාගන්න බැරි මහ බර හීනයක් අස්සට එකපාර අත ඇරලා තිබුණා...
"මං යන්න කලින්ම ඔයාට කිව්වනේ බබා..මං කිව්වා ඔයාට හෙමින් ඒ ගැන හිතන්න කියලා..."
මගේ ඇස් වලින් ගලන කදුළු අතේ තියෙන කඩදාසියට නොවැටෙන්න මගේ කඳුලු නතර කරන්න එයා ලොකු උත්සාහයක් ගත්තා..ඇඩ්මිෂන්...ජර්මනියේ ලොකු university එකක මාස 6ක් landscape architecture ඉගෙන ගන්න ඇඩ්මිෂන් එකක්...අන්තිමේ එයා එද්දී... එයා මාව යවන්න හේතුවක් අරන් ඇවිත්...මන් වගේ කෙනෙකුට හීනවත් දකින්න අකැප හීනයක් එයා හැබැ කරලා දීලා තියෙද්දී...ඉතිං සතුටු වෙන්න ඕනා නේද...සතුටු වෙන්න දාහක් හේතු තියෙනවා නේද..ඒත් ඒ ඔක්කොටම වඩා මගෙ ඔලුවට ගියේ එයා එක්ක ඉන්න තියෙන කාලෙ අඩු වෙනවා කියන එක විතරයි..
"ඒත්..ඒත් මං හිතුවෙ..."
"මාව විස්වාස කරේ නෑ නේද.."
"ඒ..එහෙම නෙමෙ සර්..ඕ..ඔයා..ඔයා කිව්වනේ..ආයි එන්නෙ නෑ කියලා..ඉතිං මන්.."
ඇත්තටම එයා එන්නෙ නෑ කියපු එක ගැන දුක් උණා මිස එයා ආයි එයි කියන එක ගැන අමාරුවෙන් බලාපොරොත්තු ගොඩ ගැහුවා මිස මේ ගැන මට මතක් උණේම නැති තරම්..හරියට කිවුවොත් අමතකම වෙලා තිබුණා වෙද්දි බලාපොරොත්තු උණේම නැති වෙද්දී...මේ දේවල් එකපාර බාර ගන්න එක මට ගොඩක් අමාරු උණා...
"ඉතිං මන් නාවත් මොකද ආ...මං පොරොන්දුවක් උණා කිරුළු..ඉෂ්ට කරන්න බැරි පොරොන්දු දෙන්නේ නෑ මං..මන් ආපහු නෑවිත් හිටියත් මේ ඇඩ්මිෂන් එකත් එක්ක අනික් දේවල් ලෑස්ති කරනවා...කරනවා නෙමෙ මං කරා...දැන් සතියකට දෙකකට කලින් වෙනකංම..මං හිටියේ ආයි එන්නෙ නෑ කියන තිරණේ උණත් මං ඒ දේවල් ලෑස්ති කරා..මං නාවත් පැතුම් එහෙම එන්න හිටියෙ..ඉතිං එයාලා මාර්ගෙන් එවනවා මන් නෑවිත් හිටියත්.."
"මට තේරෙන්නෙ නෑ සර්..ඒත් කොහොමද මං..මට මේවා බර වැඩි සර්..මං කොහොමද ගෙවන්නේවත්.."
YOU ARE READING
👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 Complete 💚❤️ Yizhan ❤️💚
Fanfiction🪂🌷👨🏻🦱👨🏻🦰 FF/Non FF 👨🏻🦱👨🏻🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වසා අපි පිහිනුවෙමි උඩුගම් බලා.... Start - 2023 .12 .27 End. - 2024 .04 .02