👑🌺 කිරුළ 33 🌺👑

581 106 67
                                    

📌📌 intro එකට පස්සෙ කොටස බලලා එන්න ළමයි ආපහු.....

~~~ වර්තමානය ~~~

උදේම හොටෙල් එකෙන් එළියට ගිය ලෙවින් පහුගිය දවස් දෙකෙ කරා වගේම කෙනුලගේ ගෙදර ගියේ අදවත් ගෙදර මිනිස්සු ඉන්නවද බලන්න..එදා ලැබුණ අවස්ථාවේ බැනුම් අහ අහා හරි එතනම ඉඳලා කීයට හරි කෙනුල එක්ක කතා නොකර එළියට බැහැපු එක ගැන මේ දවස් දෙකේම තමන්ට දොස් කියා ගත්තා...කිරුළු මූණට දොර වහලා යන්න කිව්වත් ලෙවින්ට ඉන්න ඕනා නොවුණා නෙමෙ..ඒත් තව දුරටත් කෙනුල ඉස්සර හිටපු එයාගෙ විතරක් උණ පොඩි එකා නොවෙද්දී, කෙනුලගේ වයිෆ්ව ගෙවුණ වෙලාව ඇතුලේ ඇස් දෙකට නොදැක්කත් කසාද බැදලා පවුල් කන මිනිහෙක්ගෙ ගෙයක් අස්සෙ රෑ වෙලා අනවසරෙන් රිංගන් වද දෙන්න බැරි කමට ලෙවින් අකමැත්තෙන් උණත් වැඩි වෙලා නොගෙන ඒ ගෙදරින් එළියට බැස්සේ පහුවදා ආපහු එන්න හිතන්...

ඒත් පහුවදා එද්දී ලෙවින්ව තවත් අවුල් කරන ගමන් කොල්ලා ගෙදර හිටියෙ නෑ..හොටෙල් එකට ආවෙත් නෑ...දැන ගත්ත එකම දේ කෙනුල වැඩ කරන්නේ හොටෙල් එකේ owner මිස්ට පතිරණගේ , building construction ,land sale , landscaping ඔක්කොම කරන පතිරණ holding company එකේ ලොකු post එකක කියන්න විතරයි..holding එකේ meetings තියෙන්නේ මෙහෙ නිසයි...හොටෙල් එකේ landscaping බලන නිසයි කිරුළු නිතර හොටෙල් එකට එනවා කියලා තමා receptionist ගෙන් දැන ගත්තෙ..ඊට වඩා හොයන්න ඕනා උණත් එකපාර අහපු දැකපු දේවල් මදිවට කිරුළු එයාව ආයි මඟ ඇරියද කියන සිතුවිල්ල, හිතන්න තියෙන ශක්තියත් නැති කරලා ලෙවින්ගේ ඔලුව අවුල් කරා...

ඉතිං ඊයේ පෙරේදා වගේම අදත් ලෙවින් උදේම ගියා කිරුළු ගෙදර ඉන්නවාද බලන්න..අදත් නැති වෙද්දී බලාපොරොත්තු බිඳ ගත්ත ලෙවින් හොටෙල් එකට එන්න ආවෙ නෑවිත් බැරි කමට..මොකද ලෙවින් මෙහෙ ආවෙ නිවාඩු ගන්න නෙමෙ..එයා මෙහෙ පටන් ගන්න යන අළුත් හොටෙල් එකේ වැඩ වලට..නොකියා උන්නට මේක ලෙවින්ගේ හිතේ තිබුණ එක ආසාවක්..මෙහෙම නෙමෙ එයාට ඕනා උණේ ඒ හැම දේම දවසක එයාගෙ කිරුළුට ඕනා විදිහට වෙන්න...එයා land එක අරන් මේ දේවල් ලෑස්ති කරේ කිරුළු ජර්මනි ඉන්න කාලෙ..එයාට ඕනා උණේ කිරුළු ඩිග්‍රිය අරන් ආවම එයාගෙ මුල්ම වැඩෙ මේක වෙන්න..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now