👑🌺 කිරුළ 34 🌺👑

532 104 84
                                    

"බබා.."

"ආ..හහ් සර්..."

"ම..මට කතා කරන්න ඕන.."

"ස්..සොරි මි..ස්ටර් ර..යිංහාඩ්...ම.මං දැන් යන්න ඕනා.."

තාමත් මේසෙ උඩ ඔළුව ගහන් උන්න කිරුළු එයාගෙ උරහිසට දැනුණ ස්පර්ශයක් එක්ක ගැස්සිලා ගිහිං කඳුලු පිහගෙන ඉක්මනින් ඔළුව උස්සද්දී බලාපොරොත්තු නොවුණ විදිහට ළඟ හිටගෙන උන්න කෙනා දැක්කම තව ටිකක් කලබල උණා වෙද්දී එහෙම්ම පුටුව පස්සට කරලා යන්න නැගිටිද්දි, ලෙවින් කිරුළුගේ වැලමිටකින් අල්ලන් කිරුළු ඉස්සරහා බැගෑපත් උණා..ඒ බැගෑපත් වීම මැද්දෙ මහ අසරණකමකින් පිරුණ කිරුළුගේ මූණ දකිද්දී අදවත් අවස්ථාවක් ලැබෙයි කියලා ලෙවින්ගේ හිතේ  බලාපොරොත්තු ඇති උණත්,ඒ බලාපොරොත්තුව එතනම බිඳලා දාන ගමන් කිරුළු බලෙන්ම තමන්ගෙ අත මුදවාන් පිටස්තර ආමාන්ත්‍රණේකින් කතා කරද්දි...අදත් මග අරින්න හදද්දී ලෙවින්ගේ ඉවසිම එක පාර අතුරුදන් උණා...

"මොකක්ද බං මේ..!! එක වචනයක් කතා කරන්න තරම්වත් මාව උඹට වටින්නේ නැද්ද කිරුළු...!! අඩුම සර් කියලාවත් කියා ගන්න බැරි තරමට පිට එකෙක්ද බං මං...!! ඇයි ඇයි මෙහෙම කරන්නේ...!! හොඳක් කරන්න හැදුවා මිසක් මං මොකක්..ද කර...පු වැරැ..ද්ද දෙවිය..නේ.."

"වැරැද්ද..!! මමද වැරදි එතකොට..!! අර තරම් ළඟින් ඉඳලා හොරෙන්ම මඟුල් කාලා මාව මුලින්ම පිට එකෙක් කරෙ කවුද සර්..!! කවුද..!! දැන් මමද වැරදි ආ..මමද වැරදි.."

"කී..රු..ලු මං..."

ලෙවින්ගේ වචනයක් වචනයක් ගානේ තිබුණෙම වේදනාවක් වෙද්දී කාට රහසක් උණත් කිරුළුට ඒ වේදනාව රහසක් උණේ නෑ..අනික් අතට ඒ වේදනාවේ ගින්න ලෙවින් තුල ඇති කරේත් තමන් කියන්න කිරුළු පැහැදිලිවම දැනගෙන හිටියා වගේම ගින්නක් අවලපු මනුස්සයෙකුටම ඒ ගිනි රස්නෙන් පීඩා විදිනවා වගේ කිරුළු ලෙවින්ගේ හිතේ එයාම අවුලවපු වේදනාවෙන් පීඩා වින්ඳා....ඒ ගින්න නිවන්න ඕනා උණත් , නිවන්න හිතන් එළියට අදින්න වෙන අතිතේ එක්ක කිරුළු අතේ තියෙන වතුරත් පෙට්‍රල් වෙලා තියෙද්දී තමන් දරණ පළවැනි උත්සාහයේදිම මේ ගින්න තවත් දරුණු වෙලා ඒ දෙන්නාව විතරක් නෙමෙ පොඩි කෙල්ලවත් එයාලා වටේ ඉන්න තව ගොඩ දෙනෙකුත් අහුවෙන්න පුළුවන් නිසා කිරුලු මේ වෙලාවේ විසෙන්ම විස නසන්න තිරණේ කරා...එයාටම රිදෙනවා කියලා දැන ගෙනම එයා ලෙවින්ගෙ හිත රිද්දලා , කේන්ති ගස්සලා,කල කිරවල එයාව පැත්තකට කරන්න හිතුව...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now