👑🌺 කිරුළ 5 🌺👑

727 127 53
                                    

"කෙනුලෝ..."

"ම්ම්..."

රෑ වෙලා තියෙද්දි පුංචි එකිටත්,බිම එරමිණියා ගොතන් උන්න මගේ ඔඩොක්කුවේ ඔලුව ගහන්ම නින්ද ගිහිං තියෙද්දි මං උන්නේ දවල් ස්කූල් ඇරිලා එද්දී කඩේ ගෙදර අනුමි දීපු සිංහල ටියුෂන් ක්ලාස් එකේ ටියුට් එකකුත් දිග ඇරගෙන ඒක බලන ගමන්ම අම්මාත් එක්ක විට ඔත ඔතා..දවල්ට පුවක් ටික කපලා , සුවද කුඩු ටික කොටලා තියන නිසා , සමුර්දියේ පිහිටෙන් අවුරුදු ගාණකට කලින් දෙවියනේ කියලා කරන්ට් එකත් ලැබිලා තිබුණ නිසා,පුරුද්දට ගිහින්ම දැන් අතේ හුරුවට විටේ දිහා නොබලාම ඔතන්න පුළුවන් වෙද්දි රෑට පාඩම් කරන ගමන්ම විට ඔතන්න මං හුරු උණා..

"අර අළුත් සුදු මහත්තයා උඹට හම්බ උණා කිව්වා නේද බං..."

"ම්ම්ම්...."

අම්මා දුම්කොල කපන ගමන් එකපාර අහද්දී මං පොතෙන් ඔලුව උස්සන්නේ නැතිව යාන්තං ඇස් විතරක් උස්සලා අම්මා දිහා බැලුවා..මොන මඟුලක් නිසා හරි එදා බාගෙට නාගෙන ගිහිං දවස් දෙකකුත් වෙද්දි මට කොච්චරවත් ඒ සිද්ද උණ දේවල් ආයි ආයි මතක් උණා...ඒ මදිවට මටත් නොදැනිම ඒ උස රූපේ චායාවක්වත් දකින්න මං මාන බැලුවා...ඒත් පහුගිය දවස් දෙකේ ස්කූල් ඇරිලා අම්මා එක්ක කඩේ ඉන්න ගිය නිසා පුරුදු වෙලාවට නාන්න යන්නත් බැරි වෙද්දි, අදත් පාඩම් වගයක් අහගන්න කඩේ ගෙදර පරක්කු වෙද්දි නාන්න ගියේ අඳුර වැටුණාටත් පස්සෙ වෙද්දි අලුත් සුද්දගේ ඡායාවක්වත් නොදකිද්දී මොකක්දෝ මහ පාළුවක් මගේ හිතට දැනෙන ගමන් තිබුණා..ඒ කොහොම උණත්, ඒ හැම වෙලාවකම...මේ තේරුමක් නැති කල්පනාව නතර කරගන්න මං උපරිම උත්සාහ කරා වෙද්දී...දැන් අම්මාටත් දිගංචියා ගැනම කියවන්න ඕනා වෙලා...

"සිංහල කතා කරනවා කිව්වේ...හොඳට කතා කරනවාද.."

"තේරුම් ගන්න පුළුවන් ඉතිං...ඇයි.."

එයාගෙ සිංහල කතා කිරිල්ල මතක් වෙලා මට හිනාත් යද්දි මං අම්මාගෙන් හිනාව හංගන්න උපරිම දත කෑවා..අම්මාටවත් මටවත් මෙච්චරකල් කවදාවත් රහස් නොතිබුණ තරම්...ඒත්..මේ දිගංචියා මුණ ගැහුණ දවසේ ඉඳන් මටම නොතේරෙන හේතුවක් එක්ක මට එයා එක්ක එකතු කරන  මතක මගේ හිත අස්සේම හංගා ගන්න ඕනා උණා..ඊටත් ඒ සිද්ධ සමහර දේවල් මතක් වෙද්දීත් ලැජ්ජා වෙද්දි මට අම්මත් එක්ක කියන්න මොකදෝ වගේ දැනුණා..අනික් අතට එයාව මතක් වෙද්දි  මුනට එන හිනාවත් කවුරුත් දකින්න ඕනා නැති රහසක් කියලයි මගෙ මොලෙන් හේතු නොකියාම මට පණිවිඩ එව්වෙ.... 

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now