👑🌺 කිරුළ 18 🌺👑

499 115 63
                                    

සමහර දේවල් ගැන අපි හිතින් කොයිතරම් හීන මැව්වත් ඒ හීන එකපාර බිඳිලා යන්නෙ වැල්ලෙ හදපු වැලි මාලිගා වගේ..එයා එක්ක ගෙවපු මාස ගාණ මට අයිතියක් නැති , අහම්බෙන් මට ලැබුණ , ඉක්මනින් අතුරුදන් වෙන තෑග්ගක් කියලා දැනගෙන හිටියත්,ඒ මාස ගාන දැනටමත් මගෙ ජීවිතේ ලස්සනම කාලෙ වෙලා...ඒ ගෙවුණ දවසක් ගානේ එයා පේනමානෙ උන්න හැම තප්පරයක් ගැනම මන් තෘප්තිමත් උණත් එයා ලග උන්න අන්තිම දවස් ටිකෙයි මට තේරුම් ගියේ ඒ කාලෙ ඇතුලේ මං කොයිතරම් දේවල් මඟ ඇරගත්තද කියන එක...

එදා කෑම මේසෙදි කෑ ගහලා සතියක් ගෙවුණා... නොදැනිම නෙමෙ...ඒක හුගාක් අමාරු සතියක්...සමහරවිට එයා නැතිව ගෙවන්න වෙන දවස්වෙනුවෙන් ලැබුණ ඕනවාටත් වඩා අමාරු පෙරහුරුවක්..එදා එයාගෙ වචන නිසා මොන තරම් රිදුණත් මට බංගලාවට නෑවිත් ඉන්න බැරි උණා..මොකද මං එයාට ණයයි..මාස ගාණක් එයා ළඟ වැඩ කරත්,එයාගෙන් සල්ලි ගත්තෙ වැඩ පටන් ගත්ත මුල එකපාර ගත්ත ගාණ විතරක් උණත්, එයා මගේ ක්ලාස් පීස් එකේ ඉඳන්, data ටිකට යන ගාණ පවා ගෙවද්දී, මට අනුව මං කරපු වැඩ කොටසටත් වඩා මං දැනටමත් එයාගෙන් සල්ලි අරන් තිබුණා..ඉතිං එහෙම වෙද්දි,මං වගකීමකින් බැඳිලා ඉද්දී මට බැරි උණා එයාව මඟ ඇරලා බංගලාවට නෑවිත් ඉන්න...

අනික් අතට ආරි මාමත් නැති එකේ මොනා උණත් එයාව බඩගින්නේ තියන්න මට හිත හදාගන්න බැරි වෙද්දි පුරුදු විදිහට මං බංගලාවට ගියා..මැයි මාසෙන් පස්සෙ විභාගෙට තව මාස 3ක් තියෙද්දි ඉස්කෝලෙ යන්නෙත් නැති වෙද්දි මං උදේම  එයා බැලුන් ගිහින් එන්න කලින් බංගලාවට ගියා...ආරි මාමා නැති අතරෙ ආවොත් දොර ඇරගන්න පුළුවන් වෙන්න කලින්ම සර්ගෙන් මට යතුරක් හම්බ උණ නිසා දොර ඇරගන්න අමාරු නොවෙද්දී මං සර් එන්න කලින් එයාට උදේ කෑම හදලා තියලා උදේම තිබුණ online ක්ලාස් එකට වාඩි උණා..

වෙලාවක් අවේලාවක් නැතිව වැටුණ රිවිෂන් අනම් මේ ටිකේම තියෙද්දි මට ගාඩ්න් එකට බහින්න උණේ පොඩිම පොඩි වෙලාවයි..ඒත් බලෙන්ම හරි මාව ලැප් එක ඉස්සරහා වාඩි කරා ඇරෙන්න එයාගෙන් මේතාක් වචනෙකින්වත් බාධාවක් නොවෙද්දී,ඊයේ වැඩ කාරයා කියලා කෑ ගැහුවට, අද උදේ මං එද්දී ලැප් එකත් එක්ක මං දාලා ගිය පොත් ටිකත් ක්ලාස් වෙලාව මතක් කරපු පුංචි නෝට් එකක් එක්ක සර් තියලා ගිහිං තියෙද්දි ඉතිං මං හිතුවා හැමදේම හරි ඇති කියලා...මං විස්වාස කරා මොන හේතුව නිසා හරි ඊයේ ඒවගේ හැසිරුණත් රැයක් එළිවෙද්දී හැමදේම තිබුණා වගේම හරි ගිහිං තියේ කියලා...මං වෙනුවෙන් තියලා තිබුණ ලැප් එක වගේම පුංචි නෝට් එක දකිද්දී බලාපොරොත්තු තව වැඩි උණා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now