👑🌺 කිරුළ 35 🌺👑

655 98 84
                                    

"ඒ ඒ උඹ කොහෙද ඔය දැකලත් දැක්කෙ නෑ වගේ යන්නෙ..!"

"ආහ් මිස්ටර්..ඔයා මාව අඳුනනවාද...."

"ඒ මොකෝ බන් මේ..වරෙන් මෙන්න මෙහෙට "

හොටෙල් එකේ මීටින් එක තිබුණ දවසට පහුවදා මං හිටියෙ ඔෆිස් එකේ.අලුත් project එකේ වැඩක් ගැන කතා කරන්න රූම් එකෙන් එළියට ගිහින් එන ගමන් ඉද්දී මූනට මුණ ගැහුණ මිතිල මාව දැකලත් දැක්කෙ නෑ වගේ යන්න යද්දී මං දුවගෙන ගිහිං ඉස්සරහින් හිටගෙන අත් දෙක දෙපැත්තට දික් කරලා පොරව නතර කරා වෙද්දී මේ අමුතු මඟ ඇරිල්ලට හේතුව හිතා ගන්න පුළුවන් නිසා මං පොරගේ අතින් ඇදගෙන රූම් එකට ආවා...

"ම්ම්.. දන් කියපන්කෝ..මොකද මේ.."

"මොකද අහන්නේ..! මං නෙමෙද අහන්න ඕනා උඹෙන් මොකද කියලා මොනාද මේ වෙන්නේ කියලා..යකෝ මං හිතුවෙ උඹට ඉන්න හොඳම යාලුවා මං කියලනේ...බලන් ගියාම එහෙම නෑනෙ..හොඳම තියා නිකං යාලුවෙක්වත් නෙමෙ වගේ...උඹ කවුද බන්...මේ වෙනදේවල් දැක්කම මන් උඹ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑනෙ නිකං අඳුනන මනුස්සයෙක් දන්න තරම්වත්.."

......

"අඩුම යකෝ එදා මං ඌ ගැන අච්චර කියද්දිවත් උඹ කිව්වද පොරව දන්නවා කියලා...මං මොකාද එකා වගේ කියෙව්වා විතරනේ..බලන් ගියාම ගහ දන්න එකෙක්ටනෙ මන් කොළ කඩා පාලා තියෙන්නේ..මතක් වෙද්දිත් ලැජ්ජායි.."

ඉතිං සයුරි අඩු නැතිව ඔක්කොම කනෙ තියලා තියෙද්දි,පොර කොයිවෙලාවෙත් විහිළුවෙන් හිටියත් දැන් උන්නේ ඇත්තටම කේන්ති ගිහිං වෙද්දී මං මේ දේවල් මේ තරම් කල් නොකිව්ව එකටත් වඩා ඌට තරහා ගිහිං තියෙන්නේ, එදා සර්ව හොටෙල් එකේදි ආපහු මුණ ගැහුන මුල්ම දවසෙ ඌ සර් ගැන කියද්දීත් නොදන්නවා වගේ උන්න නිසා බව තේරෙද්දි මට සුසුමක් හෙළුනා..

"ස්..සොරි බන්..ඒ..ඒ වෙලාවේ එයාව දැකලා පොඩ්ඩක් කලබල උණා මං.."

"අපොයි මොකද මං නොදැක්කෙ.. සොම්බියා වගෙනේ ගියේ යන්න.."

......

"ඉතිං මොකද..දැන්වත් කියනවාද..මොකද වෙන්නේ ඌ කවුද බන් උඹ ඌව බදාගෙන අඩාවැටෙන්න තරම්..අනික දෝනි මොකද ඌට ඩැඩා කියන්නේ.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now