👑🌺 කිරුළ 32 🌺👑

572 93 113
                                    

~~~ Flash Back ~~~

හෙට මට ලංකාවෙන් යන්න තියෙද්දි අපි උන්නේ බීච් එකේ...අපි ඉන්නෙ ලංකාවෙ නිසාම අපි වගේ අයට සම්පූර්ණ නිදහසේ ඉන්න බැරි නිසා පැතුම් අයියලා සෙනඟ වැඩිය නැති ටිකක් පාළුවට ගිය ඒත් ලස්සන තැනක ඇවිත් වාහනේ නතර කරා වෙද්දි අපි දෙන්නා ගිහිං වැටකෙයියා පඳුරු වලින් වැහුන තැනක බිම වැල්ලේ වාඩි උණා...ඒ පමාවට මගේ කර වටේ අතක් යවපු එයා මාව ළඟට ඇද ගද්දී මං ඒ උරහිසේ ඔලුව ගහගද්දී , රැලි ගහන මුහුද දිහා බලන්,වචන ගොළු උණ,ඒත් මුහුදු රළ තරම්ම නොසන්සුන් උණ හැඟීම් විතරක් කතා කරපු දිග වෙලාවක් ඔහේ ගතවෙලා ගියා...

"දවසක ඔයාට තේරීමක් කරන්න උනොත්...ඔයා මොකද කරන්නේ කිරුළු.."

......

"මං කියන්නේ ඔයා ගොඩක්ම වටින දෙන්නෙක් අතර.."

......

ලොකු කල්පනාවක උන්න එයා සෑහෙන වෙලාවකට පස්සෙ මගෙන් අහද්දී මං එයා දිහා බැලුවේ අහපු දේ තේරුම් ගන්න බැරිව වෙද්දි එයා මට තව ටිකක් ඒ ප්‍රස්නෙ ලේසි කරා...

"නිකමට හිතුවොත්...ඔයාගෙ අම්මයි ඔයා ආදරේ කරන කෙනයි අතර...ඔයා කාවද තෝරගනෙ කිරුළු..."

".......අම්මාව..."

.........

"මොකද මං දැක්කා සර්..මට මතක ඇති කාලෙ ඉඳන් දැක්කා...මගේ අම්මා අපි වෙනුවෙන් විදපු දුක...හැමදේම දරාගෙන අපි වෙනුවෙන් නැගිටපු හැටි...දරාගන්න අමාරුම තැන උණත් අපි වෙනුවෙන් අල්ලන් උන්න හැටි..."

එයාගෙ ප්‍රස්නෙන් මං පුදුම උණත්...අනික් තප්පරේ මගේ අම්මාත් එක්ක මට සර්වම මැවිලා පෙනෙද්දී තව වතාවක් නොහිතා මං අම්මාගේ පැත්ත ගත්තා වෙද්දි මං හේතුත් එකින් එක පැහැදිලි කරද්දි එයා ගොඩක් උවමනාවෙන් අහගෙන හිටියා...

...........

"අවස්ථාවක් ආවොත් මට තේරීමක් කරන්න...මගේ අම්මා අනිවාර්යෙන් මගේ සතුට වෙනුවෙන් ඒ අත අත අරින්න මට බල කරයි සර්..."

...........

"ඒත් මට බෑ... මොකද මං දන්නවා...මේ ලෝකේ එයාව සතුටින් තියන්න දෙයක් කරන්න පුළුවන්  කෙනෙක් ඉන්නවානම් ඒ මං විතරක් කියන්න..."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now