👑🌺 කිරුළ 43 🌺👑

681 110 62
                                    

"බබා.."

"ම්ම්..."

"නිදිද.."

"ම්හ්.."

"එහෙනම්.."

"හීනයක් වගේ ආපහු මෙතන...මේ පපුවේ..මෙහෙම ඉන්න එක..."

අඩලා වැලපිලා මනස වෙහෙසලා ඇස් රිදවලා අන්තිමේ කොයි තරම් වෙලා ගියාද ගාණක් නොවෙද්දී.. නිහඬවම ඒ පපුව අස්සෙ මූණ හංගන් ගෙවුණ ලොකු කාලෙකට පස්සෙ මේ තරම් වෙලා මගෙ කෙස් ගස් අස්සෙන් ගිය ඒ ඇඟිලි මොහොතකට නතර වෙද්දි එයා නිහඬබව බිදින ගමන් මට කතා කරා...වැලමිටෙන් නමන් උන්න අතක් උඩ ඔලුව තියන් උන්න එයාගෙ අනික් අත මගෙ ඔළුව උඩ නතර වෙලා තිබුණ වෙද්දී  ඒ අත එහාට කරලා දිග ඇර ගත්ත මං ඒ අත උඩ එයාගෙ පැත්තට හැරිලා හරි බරි ගැහෙද්දී එයා උන්න ඉරියව්වෙන්ම ඔළුව හරවලා මං දිහා බැලුවා... එහෙම්ම අපෙ ඇස් එකට පැටලෙද්දී ඒ ඇස් දිහා බලන් මට දැනෙන ඇත්තම හැඟීම වචන කරද්දි එයත් ඇහෙන නෑහෙන ගාණට ප්‍රති උත්තර දුන්නා..

"මටත්..."

.......

.......

.......

......

අපි දෙන්නා මඟ ඇරුණු මොනාදෝ හොයන්න වගේ ඇස් වලට හුරු උණ අඩ අඳුරෙම එකිනෙකාගේ ඇස් දිහා බලන් නිහඬවම මොහොතක් ගෙවෙද්දී අට්ටාලෙන් පහලට එල්ලිලා පැද්දි පැද්දි තිබුණ මගෙ කකුලට එයා ආයි ආයි එයාගෙ කකුල හැප්පුවා...එහෙම්ම මේ තරම් වෙලා නොදන්න ගාණට ඒ කෝලම් වැඩෙ ඉවසන් උන්න මං ඒ ඇස් දිහා බලන්ම ආපිටට මගෙ කකුල වද්දන්න ගද්දී, ඉස්සරම කාලෙ මෙතන මෙහෙම උන්න මුල්ම දවසේ ඒ කකුල ඔය වගේම මගෙ කකුල එක්ක කෝලම් කර කර ඉඳලා මගෙ කකුලක පටලා ගත්ත හැටි මතක් වෙලා මට හිනාවක් යද්දී එයාටත් ඒ කම මතක් උණ නිසාදෝ හරි ලස්සන හිනාවක් ගියා...එහෙම්ම එයත් මගෙ දිහාවට ඇලේට හැරෙන ගමන් මගෙ කකුලක් ඒ කකුලක පටල ගද්දී එයාගෙ ඔළුවට යටින් නිදහස් උණ අත ඇවිත් අනික් මොහොතේ මගෙ කම්මුලක නතර උණා...

"නිල් දෑසින් බලාවී..මුවඟින් සිනාසී.. මොනවාද මුමුණා කියාවී...."

.........

"ඔබේ ආදරේ මගේ හදේ තුරුලු කරණා..
සදා පැතුම නුඹ වෙයි මගෙ.. "

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now