👑🌺 කිරුළ 7 🌺👑

729 113 78
                                    

"කොල්ලො...ඇලට යනවාද..."

"සීයේ..."

පහුවදාත් ස්කූල් ගිහිං ආපු මං ගෙදර වැඩ ඉවරවෙලා ඇලට යන්න ගමන් ඉද්දී වෙල් යායේ ලියද්දක නියරක් බඳින ගමන් උන්න ගමරාළ සියාගේ කටහඬ ඇහුණ මං මඟ නතර උණා...සියාව දැක්කේම ගොඩ දවසකින් නිසා බකට් බේසම් ඔක්කොම බිම තියපු මං නියර දිගේ සීයා ඉන්න තැනට ගියේ පොඩි කථාවක් දාලම යන්න හිතන් වෙද්දි මන් සීයා ළඟට කිට්ටු වෙද්දීම සීයා කියපු දේ නිසා මං එහෙම්ම නියර උඩ නතර උණා...

"ආන් සුදු මහත්තයා දැන් සෑහෙන වෙලාවක ඉඳන් බලන් ඉන්නෙ උඹ එනකං.."

"ආ..හ්..."

"මං දැක්කා ඊයේ උඹ එක්ක නානවා...මං නාගන්න ඇවිල්ලත් ආය පහළ මංකඩට ගියා සුදු මහත්තයාට බාධා වෙයි කියලා...ලොකු උදවියනේ.."

"ආහ්..නෑ...සියේ..සර් එහෙම නෑ..."

"උඹත් ඉලන්දාරියෙක්නේ බන්...මේ නාකි අපි එහෙමද...ඔය දැන් ඉන්න ඉලංදාරීන්ට නාකි උදවිය අල්ලන්නෙ නෑ...රට රටවල් වල ඇවිත් රස්සා කරාට කොලු වයසනෙ බන්..ආස ඇති උන්දත් රංචුවේ වැටෙන්න...ඒත් උඹ එක්ක හිනා වෙවී කෝලම් කරන හැටි දැක්කාම පුදුමත් උණා මං.."

"ඒ මොකෝ ඒ.."

සීයා උදැල්ලාත් පැත්තකින් තියලා බුලත්  කෙල පාරක් අයිනකට ගහද්දී මං ඇහුවේ පුදුමෙන්...තැන තැන හැම කෙනා එක්කම කේලම් ඕප දූප කිය කිය නොගියත් ගමරාළ සීයා ගමේ නොදන්න දෙයක් නැති තරම්...ඕනා ප්‍රස්නයක් දිහා විවුර්තව බලන හොඳ මනුස්සයෙක්  ඉතිං සුදු දිගංචියා ගැනත් මිනිස්සු කතාවෙන හැටි සියගේ කටින් අහගන්න මං තව ටිකක් සීයට ලං උණා..

"නෑ බං.. මං ඔය එපිටහ කුඹුරේ ඉද්දී සුදු මහත්තයා අනන්තවත් දකිනවනෙ...අර උඩ තට්ටුවේ ඉන්නවා පේනවා..ආය මූණ බුක්ක ගහන් ඉන්නෙ ජීවිතේට හිනාවෙන්නවත් දන්නේ නෑ වගේ...ඔය බංගලාව ඉස්සරහා ලියද්දේ ඉද්දී බංගලාවෙ සද්දේ ඇහෙනවනෙ...පුදුම කෑ ගැහිල්ලක් අර කොල්ලන්ට කෑ ගහන්නේ...ආය යකා වගේ...මං ඒත් ආරීගෙනුත් ඇහුවා හැමදාම ඔහොමද කියලා...ඒ මහත්තයාගෙ හැටිය කියන්නේ ඔය..ඒ උනාට මැඩම් එහෙම කතා කරද්දි නම් අලි හුරතලේලු..."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now