Chapter 3

509 78 7
                                    

'මොකද කරන්නේ නිදිද'

'නෑ එසයිමන්ට් එකක් කරනවා'

'ම්ම්ම් ඉවර කරලා නිදා ගන්න එහෙනම්'

'හ්ම්ම් ගුඩ් නයිට්'

'ම්ම්ම්ම්'

'ගුඩ් නයිට් කිව්වම ගුඩ් නයිට් කියන්න දන්නේ නැද්ද 😒'

'ගුඩ් නයිට්'

හිතුවක්කාරයා.මගේ අන්තිම මැසෙජ් එක සීන් කරලා විතරක් එයා ඔෆ්ලයින් යද්දි මට හිනාවක් ගියා.

උදේ OGF ගිහින් ගෙදර ආපු වෙලේ හිතේ තිබුන මුස්පේන්තු ගතිය මම ගෙදර ඇවිත් ටිකකින් එයාගෙන් ආව මැසෙජ් එක නිසා ඇත්තටම නැත්තටම නැතුව ගියා.

මගෙන් ගෙදර ගියාද කියලා අහලා එයා එවපු මැසෙජ් එක එතනින් එහාට තව දේවල් එක්ක දුර දිග යද්දි අන්‍තිමට අපි දෙන්නා දවල් පැය දෙකක් විතර එක දිගට මැසෙජ් කලා.

මගේ මුලු හිතම ගෙවිච්ච පැය කීපෙට අමුතු සතුටකින් පිරිලා තියෙද්දි රෑට කාලා ඇදට ආපු මං එයාට මැසෙජ් එකක් දැම්මා.

"අනේ මංදා කැම්පස් නිවාඩුයි කිව්වට මොකද දාගෙන එසයිමන්ට් නම් කරනවා."

මං මටම කියා ගත්තේ මැසෙජ් එකක් දැම්මත් එයා වැඩ කියලා ඔෆ්ලයින් යද්දියි.

මොකක්දෝ හේතුවකට මට නිදා ගන්නත් හිත නොදෙද්දි මම ෆෝන් එකේ එයාගෙයි මගෙයි චැට් එකේ මුලටම ගිහින් අපි දෙන්නා කතා කරපුවා ආපහු මුල ඉදන් කියවන්න ගත්තා.

අනේ මංදා මම කවදා ඉදන් මෙච්චර බොලද වැඩ කරන්න ගත්තද කියන්න.ඉස්සර ඉස්කෝලේ යන කාලේ වගේම ඊට පස්සෙත් මට සම්බන්ධ දෙක තුනක් තිබ්බත් ඒ එකක් ගැනවත් මම මේ තරම් care කරලා නෑ.

එයාගෙයි මගෙයි චැට් එක අද දවසට ජයාග්‍රාහී දෙවනි වතාවටත් කියවලා ඉවර වෙලා මම ෆොන් එක පැත්තකට දාලා ඇස් දෙක පියා ගත්තා.

ඇත්තටම අද උදේ OGF එකේදි එයාට ටිකක් හිතලා බලන්න ඕනේ කිව්වම මම එයාගෙන් මේ තරම් ඉක්මන් ප්‍රතිචාරයක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ.

ඇස් දෙකත් වහන් එයාගේ රූපේ අන්ශුවක් ගානේ හිතේ අදින ගමන් මම ආපහු මතක් කලේ අද උදේ සිද්ද වුන දේ.........

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now