Chapter 51

271 40 19
                                    

මං හිතන්නේ එක තත්පරේකට මගේ පපුව නැවතුනා.හුලගේ ගියපු සුදු රෙදිකඩෙන් පෙනුන මූන දැකලා තත්පර ගානක් යනකන් මට මොනවත් හිතා ගන්න බැරි උනා.

මං ආත්මාර්ථකාමී ඇති ඒත් සුදු රෙද්දෙන් වහන් වෙලා තිබුන මිනියේ අයිතිකාරයව දැක්කම මට දශම ගානක සැනසීමක් දැනුනා.

ඒ හිච්චි නෙමෙයි.මෙච්චර වෙලා මං හිතුවේ සින්තියා අම්මා වගේම මෙතන ඉන්නේ හිච්චි කියලා උනාට ඒ හිටියේ හිච්චි නෙමෙයි.

ඒත් එහෙමයි කියලා මට අර දැනුන සැනසීම තිබුනේ එක මොහොතයි.කොස්තාපල්ලා දෙන්නෙක් ඇවිත් තවත් බොඩි එකක් මං හිටපු තැනින් තියලා ගියා.

හුලගට සුදු රෙද්ද ඇරුන මිනියේ රූප සොබාවේ හොයන්න බැරි තරම් විකුර්ති වෙලා.ඒත් ඒ ගෑනු මුනක් කියලා හොයන්න පුළුවන්.රැලි ගියපු අතපය එක්කලා අවුරුදු පනහා පහු උන පෙනුමක් තිබුන ඒ මූන දැකලා පුරුදු උනත් මට අදුර ගන්න බැරි උනා.

එතන හිටියේ හිච්චි නොවුනට ඊලග බොඩි එකේ අයිතිකාරයා කවුරු වෙන්න ඇතිද කියලා හිතෙද්දි මං ප්‍රාර්ථනා කරපු එකම දේ ඒ හිච්චි වෙන්න එපා කියලයි.

මං මහා ආත්මාර්ථකාමී මනුස්සයෙක් වෙන්න ඇති.ඒත් මේ වෙලාවේ මට වැඩකට තිබ්බ එකම දේ මගේ මල්ලි ජිවතුන් අතර ඉන්නවා දකින්න විතරයි.

මෙච්චර වෙලා වෙව්ලපු කකුල් දෙකට හයිය අරන් මගේ ඉස්සරහා තිබුන බොඩි එක සුදු රෙද්දෙන් කවර් කරලා මං දනගහන් උන්න තැනින් නැගිට්ටා.

මම නැගිටලා පස්සේ ගෙනාපු බොඩී එක ලගට යනවත් එක්කම මාත් එක්ක ආපු සාජන් ඇවිත් ඒකෙත් සුදු රෙද්ද අයින් කලා.

සිහිනි....ඇරුන ලේ වැකුන සුදු රෙද්දෙන් මෙච්චර වෙලා වහලා තිබිලා තියෙන්නේ සිහිනිව.මේඝගේ අහිංසක ආදරේ අයිතිකාරි එයත් මේඝ ලගටම යන්න ගිහින්.

මේ තරම් අපරාධයක් කරන්න තරම් හිතක් පපුවක් නැති නරුමයා කවුද යකෝ...

මගේ තාත්තා කියන නරුමයා අතින් ජිවිතේ හුගාක් දේවල් නැති උනාට පස්සෙත් හිත හදාගෙන ජිවිතේ ඉස්සරහට අඩිය තියන්න බලන් උන්න කෙල්ල.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ