"අහ්හ් එහෙමද කොහෙද ගිය රට කියලා හොයා ගත්තද"
"................"
"ම්ම්ම් පුළුවන් ඉක්මනට මට ඒ ගැන හොයලා කියපන්"
ෆෝන් එක කට් කරපු මං සාලේ පුටු සැටියෙන් වාටි වෙලා ඇගිලි දෙකකින් නලල තද කරගත්තා.
මං දන්නේ නෑ මම මොනා කරන්නද කියන්න එන්න එන්නම මේඝ හින්දා මාව පිස්සු වැටෙනවා.
එතකොට දැන්, දැන් මට ඇත්ත දැන ගන්න තිබ්බ එකම චාන්ස් එකත් නැත්තටම නැති වෙලා.
තේයාශ්ව හොයන්න දාපු උන් මට කතා කරලා කිව්වේ තෙයාශ් තියා ශේථුගේ පවුලේ කවුරුවත්වත් හොයා ගන්න නෑ කියලයි.
ආරංචි වල හැටියට හැමෝම රට ගිහින් කිව්වත් ඒ ගියේ මොන රටද කියලා මගේ එවුන්ට හොයා ගන්න බැරුව ගිහින් තියෙන්නේ නිකන් ඒ හැමෝම මැජික් එකකින් අතුරුදහන් වෙලා වගේ.
අහ්හ්හ්හ්....
අත් දෙකෙන්ම කොන්ඩේ ඇද ගන්න ගමන් මං කෑ ගැහුවේ කරන්න දෙයක් හිතා ගන්න බැරුව.
මේඝ ඊයේ තීරනයක් අරන් ඇවිත් කියන්නම් කිව්වා කිව්වමයි ඌ අද දවල් වෙන්න ඇවිල්ලත් තාම නෑ.
ඔක්කොමත් එක්ක එන්න එන්නම මගේ ඉවසීම නැත්තටම නැති වෙනකොට මාව නොසන්සුන් වෙනවා කියලා මටම තෙරෙද්දි මම කලේ බෙල්ලේ තිබ්බ මගේ නෙක්ලස් එකේ පෙන්ඩන්ට් එක අතට තද කරගත්ත එක.
ඒක ශේථු මට දුන්න නෙක්ලස් එක.එදා ඉදන් මගේ බෙල්ලෙන් නොගැලවුන ඒක තාමත් මගේ බෙල්ලේ තියෙනවා.
එයාගේ හදවතේ ගැස්ම මමයි කියලා මට එයා මේ නෙක්ලස් එක දෙන ගමන් කිව්ව හැටි මට මැවි මැවි පෙද්දි මං හුස්මක් පාත දැම්මා.
අඩුම ගානේ මම එදාවත් එයාට ඇත්ත කිව්වනම් නැත්තම් අපේ සම්බන්දෙ එතනින් එහාට අරන් යන්නේ නැතුව නතර කලානම් සමහර විට අද අපි දෙතැනක හිටියත් එයා හුස්ම අල්ලන්න තිබ්බා.
මේඝ කියන්නේ එන්න එන්නම මගේ ශේථුට වඩා හාත්පසින්ම වෙනස් විදිහේ කෙනෙක් කියලා මට පෙනුනත් මම බලන් හිටියා ශේථුගේ එක පුන්චි හුරුවක් හරි මේඝගෙන් දකිනකන්.
![](https://img.wattpad.com/cover/359158993-288-k964705.jpg)
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...