මේඝ හා කිව්වා....
මගේ ඇස් දිහා කෙලින් බලන් ශේථුගේ හා සමාන ඒ බැල්මෙන් මේඝ මාත් එක්ක වැඩ කරන්න කැමති කියලා යන්න ගියා.
මේඝ යන්න ගිහින් දැන් පැය බාගයක් වෙන්න ආවත් මම තාමත් එයා යද්දි හිටපු විදිහමයි.
මොකද ඒ තරමටම ඒ බැල්ම මට පිස්සු හැදෙව්වා.
උබලා දෙන්නා දෙන්නෙක් කියලා පිලිගන්න ඔන්න මෙන්න ඉද්දිම ඇයි බං උබ ආයෙම මට මේක අමාරු කරවන්නේ මේඝ.
මම මොනාද මේකට කරන්න ඕනා...
"හෙලෝ හොයා ගත්තද?"
කල්පනා කරලා බැරිම තැන හුස්මක් පාත දාපු මම කෝල් එකක් ගත්තා.
ශේථු ගැන විස්තරයක් හොයා ගන්න බැරිනම් ආයේ තියෙන්නේ එක විදිහයි ඒ මේඝ ගැන විස්තර හොයන එකයි.
සිහිනි කටුනායකට ගාමන්ට් එකේ වැඩට යද්දි මේඝ එහේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කලාලු.
දෙන්නා පැනලා ගිහිනුත් ගාමන්ට් එකේම වැඩ කලානම් ඇයි හදිස්සියෙම රස්සාව අතෑරලා උන් දෙන්නම මෙහෙ ආවේ.
ඒ සිහිනිගේ ලමයා නිසා කියන එකනම් බොරුවක්.මොකද ලමයා නිසා කියලා එච්චර වටින රස්සාවක් දාලා මෙහේ දුක් විදින්න එනවද?
මේඝගේ කතාව ඇතුලේ වහන්න අමාරු හිස්තැන් කීපයක් තවමත් ඉතිරු වෙලා තියෙද්දී මට ඉතුරු උන අන්තිම තුරුම්පුව මේඝ ගැන කොහොම හරි හොයා ගන්න එක.
ඉතින් මං මගේ එවුන්ව කටුනායක යැව්වා.
"වීඩියෝ ඔන් කරපන්"
පාලු කාමරේක පුටුවට ගැටගහලා තිබුන රූපේ ඔන් කරපු වීඩියෝ කෝල් එකෙන් මට පේද්දි මම කට කොනින් හිනා උනා.
මේඝගේ හොදම යාලුවා.එක බත් පත බෙදන් කාපු එක නිදියන ඇද බෙදා ගත්ත මේඝගේ එකම හොදම යාලුවා.
මූව හොයා ගන්න මට සෑහෙන ගේමක් දෙන්න උනා.මොකද කාට හරි ලොකු උවමනාවක් තිබ්බා මූව මගෙන් හංගන්න.
"කතා කරපන්"
මගේ ඉගියක් එක්ක එතන හිටපු මගේ එකෙක් අරූගේ කොන්ඩෙන් ඇදලා අලුව උස්සද්දි ඌ අමාරුවෙන් ඔලුව ඉස්සුවා.
![](https://img.wattpad.com/cover/359158993-288-k964705.jpg)
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...