Chapter 13

327 60 22
                                    

ප්‍රාති දාගෙන එයාට මූනලා හිටපු තිශාට රවද්දි තිශාත් ඊට නොදැවෙනි වෙන්න ප්‍රාතිට රැව්වා.

කොහොමත් ප්‍රාතිට තිශා වගේම තිශාට ප්‍රාතිවත් පෙන්නන්න බැරි උනේ තිශා මෙහෙට ආපු මුල් දවස් වලමයි.

දෙන්නට දෙන්නා ඔරව ගන්න විදිහ දකිද්දි මට එක පාරටම මතක් උනේ මේ දෙන්නා ඉස්සල්ලම අදුර ගත්ත දවස.

තිශා කියන්නේ ඩැඩීගේ කැනඩා වල ඉන්න නංගිගේ දුව.වෙන විදිහකින් කිව්වොත් මගේ නල්ල මලේ නෑනා පොඩ්ඩ.

එකි නටන්න පුළුවන් දහාට වන්නමම නටලා ඩැඩි මෙදා පාර පුන්චි බලන්න ගිය වෙලේ එයාගේ කරේ එල්ලිලා මෙහෙ ඇවිත්.

තිශාගේ වගේම පුන්චිගේ හිතෙත් තිශාව මට ජෝඩු කරන්න ඒ කාලේ ඉදන්ම ලොකු ආසාවක් තිබුන විත්තිය මායි මමී දෙන්නම දැනන් හිටියත් මෙදාපාර කැනඩා ගිය වෙලේ තිශා ඩැඩීලත් එක්ක එන්න හේතුව ඩැඩී කියලමයි මට නිකමට හරි හැම වෙලේම හිතෙන්නේ.

මොකද ඩැඩී මගෙයි මමීගෙයි කීමට ප්‍රාතිට කැමති උනත් එයාගේ හිතේ ලොකු පැහැදීමක් තිබ්බේ නෑ එයාගේ එකම පුතාව එයාගේ එම්ප්ලෝයර් කෙනෙක්ගේ දරුවෙක්ට බන්දලා දෙන්න.

ඒකත් විශේශයෙන් කොල්ලෙක්ට.දැන් ලංකාවේ වැඩිය ගේ කියන මාතෘකාව අරහන් නොවුනත් එහෙම අරහන් අයත් නැතුවම නෙමෙයි නේ.

ඒ වගේම ප්‍රාතිට අපේ පවුලට අනාගත උරුමකාරයෙක් දෙන්න බැරි වෙන එක ඩැඩීට ලොකුවටම බලපෑවා.

ඒකට කොච්චර වෙන ක්‍රම තිබ්බත් අනේ මංදා ඩැඩී කියන්නේ ටිකක් තේරුම් ගන්න අමාරු මනුස්සයෙක්.

එයා අපිට ආදරෙයි ඒක ඇත්ත.ඒ නිසයි එයා අකමැත්තෙන් හරි මගේ කැමැත්තට ඉඩ දීලා ප්‍රාතිට කැමැත්ත දුන්නේ ඒත් ඩැඩී හදන්නේ ලැබෙන පොඩිම හරි අවස්ථාවකින් ප්‍රයෝජන අරන් මගේ හිත වෙනස් කරන්න.

කොහොම හරි එදා තිශා ඩැඩීලා එක්ක ඇවිත් අන්තිමේ ටික දවසකට කියලා අපේ ගෙදර පදින්චි උනා.

තිශා එන දවසෙම හරියටම ප්‍රාතිත් අපේ ගෙදර ඉද්දි ආව ගමන් කරුමෙට වගේ තිශා කාර් එකෙන් බැහැල දුවගෙන ඇවිත් එල්ලුනේ මගේ කරේ.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Donde viven las historias. Descúbrelo ahora