Chapter 8

392 63 21
                                    

"ඔයාට මෙහෙම රිදවගන්න එපා ශේථු, මම දන්නේ නෑ ඇයි කියන්න ඒත් ඔයා මෙහෙම ඉන්නවා මට දරාගන්න බෑ."

නලලේ තිබුන මගේ බැන්ඩේජ් එක අතගාන ගමන් එයා කියද්දි මම ඇස් දෙක අරින අදහස අතැරලා එයා කියන ඒවා අහන් හිටියේ මම ඇස් ඇරියොත් එයා මේ කියන දේවල් මට අහන්න වෙන්නේ නැති නිසයි.

"පිච්චෙනවයි කියලා දැන දැනත් ගින්දරට ඇදෙන පලගැටියෙක් වගේ මමත් ඔයාට එන්න එන්නම ලන් වෙද්දි මට තෙරෙන්නෑ මම කවදහරි දවසක ඔයා මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන්න.

මට බයයි ශේථු,මම වගේ කෙනෙක් කවදාවත් ඔයාට ගැලපෙන්නේ නෑ මොකද කවදාවත් ගින්දරයි පුලුනුයි එකට තිබ්බේ නෑ.

ඒත් මං දන්නෑ මම මටත් නොදැනිම ඔයාට පුදුම තරම් ලන් වෙලා.ජිවිතේ පලවෙනි වතාවට ඔයා නිසා මට පසුතැවීමක් දැනුනා.

ඉතින් හැමදේටම දවසක් ඒවි කමක් නෑ එදා වෙනකන් මම මගේ හදවතට ඉඩ දෙන්නම්"

මගේ නලල අතගාන ගමන් කිව්ව එයා පාත් වෙලා මගේ බැන්ඩේජ් කරලා තිබුන නලල උඩින් සිපුමක් තිබ්බා.

බැන්ඩේජ් එක නිසා අඩුම තරමේ මට ඒ සිපුම දැනුනෙවත් නැති උනත් මගේ හදවතටනම් ඒක පුදුමාකාර විදිහට දැනෙන්න ගත්තා.

.

.

.

"යෝහ්... සුදු මහත්තයා උයන්නත් දන්නවා නේ ඒ කියන්නේ"

"කට වහගෙන මේක බොන්න ශේථු මම හැදුව මගුලක් නෑ කී පාරක් කියන්නද අම්මා මේක හදලා එව්වේ"

"කට වහන් කොහොමද බබා සුප් බොන්නේ.අනික ආන්ටි අද ගෙදර නෑ කියලා මමීට උදේ කෝල් කරලා කියනවා මම අහගෙන."

"එහෙනම් තනියම බොන එකයි ඇත්තේ"

"ඔහ්හ් හොව් හොව් පොඩ්ඩ ඇත්නම් ඔයාටත් මල පනිනවා නේද? සොරි සොරි ආයේ මං මුකුත් කියන්නේ නෑ ඕක පොවන්නකො ඉතින් මට තනියම බෑනේ අතත් එක්කලා"

උදේ මං නිදි කියලා හිතන් මට හොරෙන්ම නලලට කිස් එකක් දුන්න එයා ඊට පස්සේ කාමරෙන් යන්න ගිහින් ආයෙම ආවේ මමී එක්කයි.

දවස් ගානක් නිදි නැතුව මෙතන හිටපු නිසාම එයා මමීව ඩැඩී එක්ක ගෙදර යැව්වේ මගේ තනියට ඉන්නම් කියල.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now