Chapter 54

220 33 18
                                    

ඩෝන්න්න්න්න්න්න්න්

මහා හයියෙන් හිනා වෙවි මං දිහා බලන් පොරොන්දු තියෙන්නේ කඩන්න කියලා කියන ගමන් උන්න අශාන් ගේ මූන ෆෝන් එකෙන් ඇහුන වෙඩි සද්දෙත් එක්ක කලු වෙලා ගියා.

"මොකද ඔතන වෙන්නේ....කතා කරපන් යකෝ, තොපි මොනාද ඔතන කරන්නේ"

මුකුත් පෙන්න නැතිව වෙඩි සද්ද විතරක් එක පිට එක ඇහෙන ෆෝන් එකට අශාන් පිස්සුවෙන් වගේ කෑ ගහද්දි මම හිනා උනා.මෙච්චර වෙලා අශාන් පිස්සුවෙන් වගේ උඩ පැනපු වේදිකාවේ ප්‍රධාන චරිතේ ආපිට ගත්ත මං අශාන් පිස්සුවෙන් වගේ හැසිරෙනවා බලන් හිනා උනා.

උබ කොච්චර වැඩ්ඩා උනත් වැඩක් නෑ අශාන් උබ එක තැනකදි හරි මෝඩයි.උබ හිතන් ඉන්නේ මාත් උබ වගේ කියලා.ඒත් උබට අමතක උනා ඒ ඉන්නේ මගේ නංගිගෙත් දරුවා කියන එක.ඉතින් මං ලේසියෙන් මාස ගානක් පරිස්සම් කරපු ඒ දෙන්නව උබට දීලා අත පිහද ගනීවිද?

"උබ මොකක්ද කලේ ශේථුද කතා කරපං උබ මොකක්ද කලේ...."

'හෙලෝ බොස් වැඩේ ක්ලෝස්'

"තිශා ව ඔතනින් යවලා පොඩි එකාව ඉවරයක් කරලා දාපන්...අහ්හ් මතක් කරලා වීඩියෝ ඔන් කරලා තියපන්"

කට කොනකින් හිනා උන මං අශාන් දිහා බලාගෙනම ඌ අතේ තිබුන ෆෝන් එකට උත්තර දෙද්දි අශාන් මගේ ඇදුම් කරෙන් ඇදලා ගත්තා.

"ඒ ඉන්නේ මගේ විතරක් නෙමෙයි යකෝ උබේ නංගිගෙත් දරුවා"

"නංගිගේ දරුවා අහ්හ්හ් what a joke අයිසේ....මගේ නංගි නංගි ගාන එකීමයි කාලයක් මගේ ඇගේ එල්ලිලා මට වදයක් උනේ...අනික ඒ නංගිගේ උනත් උබෙත් දරුවා.මං කිව්වනේ උබ වගේ එකෙක්ගේ දරුවෙක්වත් මං ඉතුරු කරන්නේ නෑ හරියට උබ ප්‍රනාන්දුගේ ලේ ඉතුරු වෙන්න ඕනේ නැ කියලා අහින්සකයෝ මරලා දැම්මා වගේ"

"ඒ පොඩි දරුවෙක් ශේථුද උබට අනුකම්පාවක් වත් නැද්ද?"

"අනුකම්පාව අහ්හ් අම්මගේ රෙද්දේ අනුකම්පාව එතකොට සිහිනිව අර පොඩි දරුවව මරලා දාද්දි උබේ අනුකම්පාවට මොකද උනේ අහ්හ් ඒවා වලංගු උබේ ලේ වලට රිදෙද්දි විතරද?

රිශ් ඔතන වැඩේ ඉවර කරලා පලයන්......"

"නෑහ් නෑනෑ ඉදපන් උබට ඕනා මූට යන්න දෙන්නනේ හරි මං යන්න දෙන්නම්"

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now