Chapter 7

380 63 10
                                    

ඇත්තටම මරනය කියන්නේ මොකක්ද?

ඒ ප්‍රශ්නෙට එක එක්කෙනා දෙන්නේ විවිධාකාරයේ උත්තර.ඒත් මට අනුවනම් මරනය කියන්නේ හුගක් නිහඩ දෙයක්.

පුලුන් රොදකටත් වඩා සැහැල්ලු බවක් එක්ක නිහඩ හුදකලා ලොකෙක අතරමං වෙලා හිටපු මං බරට දැනෙන ඇස් පිහාටු හොලවන ගමන් ඇස් අරින්න උත්සහ කලා.

අමාරුවෙන් උනත් ඇස් ඇරපු පලවෙනි වතාවෙම ඇස් වලට දරාගන්න බැරි තරන් ආලොකයක් එද්දි මම ආයෙමත් ඇස් වහ ගත්‍තා.

ඒත් මට හැමදාටම ඇස් දෙක වහගෙන හැබෑ යතාර්තයෙන් පැනලා යන්න බෑ කියන එක මතක් කරන්න වගේ අවට ශබ්ද ටිකෙන් ටික මට පැහැදිලි වෙන්න පටන් ගත්තා.

ටීක්....ටීක්.....ගාන මැශින් එකක සද්දෙ වගේම අපහැදිලි කටහඩවල් කිහිපයක් මගේ වටේ එහෙ මෙහෙ වෙද්දි මම ආයෙමත් ඇස් අරින්න උත්සහ කලා.

මේ වතාවේ කලින් වගේ නොවි මම හිමින් සැරේ ඇස් අරිද්දි මම දැක්කේ තනි සුදු පාටක්.

"භීන්...අභීන්...ඔයාට මාව ඇහෙනවද?"

කාගෙද මන්දා කටහඩක් මට ඇහෙද්දි මම මෙච්චර වෙලා බලන් උන්න සුදුපාටින් ඇස් අරන් කටහඩ ඇහුන දිහා බැලුවා.

ටෙතස්කෝප් එකක් දාන් හිටපු එයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා මට හිතෙද්දි මම එයා දිහා බලලා යන්තන් ඔලුව හෙලෙව්වා.

ඒ කරලා ආයෙමත් මගේ අවදානේ මං බලන් උන්න සුදු පාටට යද්දි ඒ සිවිලිමක් කියන එක මගේ ඔලුවට යන්න මට ටික වෙලාවක් ගියා.

කවුද කෙනෙක් ඇවිත් මගේ අතට කටුවකින් මොනාද කරද්දි මම ඒ දිහා බැලුවා.

ඒ නර්ස් කෙනෙක්.එයා මගේ අතට ඉන්ජෙක්ශන් එකක් විද්දා.කූබි කනවා වගේ වේදනාවක් එතනින් දැනෙද්දි මම ආයෙමත් වටපිට බැලුවා.

ලා පාට ජනෙල් රෙදි දාපු ජනේලයෙන් පෙරුන ඉර එලිය මම හිටපු කාමරේට එද්දි මෙච්චර වෙලා ටීක් ටීක් සද්දේ ආපු තැන මම හොයා ගත්තා.

ඒ මට එහා පත්තේ තිබුන මැශින් එකක්.මැශින් එකෙන් පටන් ගත්ත වයර් කීපයක් අන්තිමේ ඇවිත් මගේ පපුවෙන් නැවතිද්දි මම ඒවා අල්ලන්න හැදුවා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now