Chapter 21

245 53 15
                                    

මට දැනෙන්නේ මගේ මුලු ලෝකෙම කඩා වැටුනා වගේ හැගීමක්.

නෑ වගේ නෙමෙයි ඇත්තටම මේ වෙද්දි මගේ මුලු ලෝකෙම කඩන් වැටිලා ඉවරයි.

එයගෙයි මගෙයි එකට ගෙවිච්ච හැම මොහොතකම තිබිලා තියෙන්නේ බොරුවක් විතරයි කියලා මතක් වෙද්දි මට දනුනේ මගේ හදවත අමු අමුවේ දෙකට ඉරනවා හා සමාන හැගීමක්.

ආදරේ අන්ධයි තමා ඒත් මේ තරම් රැවටීමක්.එතකොට මම විතරද හැමදාමත් ආදරේ කරලා තියෙන්නේ.

ඒ හිතේ මං ගැන පුන්චිම හැගීමක් වත් තිබිලා නැද්ද එතකොට.එයා මේ වෙනකන් මට පෙන්නපු මම එයාගෙන් විදපු ඒ හැම හැගීමක්ම මම කොහොම දෙවියනේ මවා පෑමක් කියලා විශ්වාස කරන්නේ.

නෑ මම ඒක විශ්වාස කලේ නෑ අවුරුදු හතරකටත් වඩා මාත් එක්ක හිටිය මගේ සහෝදරයා වෙච්ච අශාන් මට පුනා පුනා මම රැවටිලා කියලා කිව්වත් මම ඊටත් වඩා එයාව, එයා මට දුන්න, නෑ මට දුන්නයි කියලා එයා මවාපාපු ඒ ආදරේ විශ්වාස කලා.

ඒත් අකමැත්තෙන් උනත් මගේ ඇස් පනාපිටම ඒ ඇත්ත අමු යතාර්තයක් වෙද්දි මට පිලිගන්න සිද්ද වුනා අපේ සම්බන්දේ අත්තිවාරම වෙලා තියෙන්නේ ආදරේ නෙමෙයි රැවටීම කියන එක.

ඒ ඇස් වල තිබුන හැගීම් මොනාද කියන්න මට තව දුරටත් හිතා ගන්න බැරි උනා.සැක කරන්න දහසක් දේ මෙච්චර කාලයක් මගේ ඇස් ඉස්සරහා තිබිලත් මම අන්ධයෙක් වගේ එයාව විශ්වාස කලා.

ඉතින් ඒ වෙනුවෙන් මට අන්තිමේ හම්බුන තෑග්ග මේකයි.රැවටීම....

ශේන් මට සමච්චලේට හිනා වෙන ගමන් උගේ ගන් එක මට ඒම් කරද්දි මම අවසන් වතාවට ඒ ඇස් දිහා බැලුවා.

ඒ ඇස් වලින් කදුලු බින්දු කඩන් වැටුනත් මට හිතාගන්න අමාරු උනා ඒ කදුලු මම වෙනුවෙන් උනපු කදුලුද එහෙමත් නැත්නම් එයා ගැනම එයාට ඇති වෙච්ච ආත්මානුකම්පාව වෙනුවෙන් උනපුවද කියලා.

විශ්වාස කරන්න එක විනාඩි ගානකින් මගෙ ජිවිතේ සම්පුර්නයෙන්ම උඩු යටිකුරු උනා.මීට පැය ගානකට කලින් ආදරෙන් මුසපත් වෙලා හිටපු මම දැන් ආදරේ නිසා වැටෙන්න ඕනා අන්තිම අඩියටම වැටිලා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now