ප්‍රාති හොස්පිටල් නවත්තලා අදට සතියක් වෙන්න එනවා.ඒත් තාමත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.
ඉදලා හිටලා වැඩිම උනොත් පැයකට දෙකකට ගෙදර ගිය මං මේ සතියම හිටියේ එයාගේ ලග.
හැමදාමත් උදේ ඉදන් හවස් වෙනකන් එයාගේ අතක් අල්ලන් එයාගෙන් පුංචිම හරි ඉගියක් ලැබෙනකන් මම බලන් හිටියා.
ඒත් තවමත් මගේ ප්‍රාති ඇස් අරින්න හිතලා නැති වෙද්දි ගෙවුන හැම දවසකම උනේ එයා ඇස් අරී කියලා බලන් උන්න මගේ බලාපොරොත්තු බිදිලා ගියපු එකයි.
"ශේථු අයියේ අත ගගා ඉන්නෙ නැතුව ඕක කන්නකෝ ප්‍රාණයියා නැගිටිනකොට අයියා කෙලින් ඉන්න ඕනෙනේ..."
දවල්ට කන්න කෑම එකක් අරන් හිච්චි එක්ක ඇවිත් හිටපු තේශ් හිච්චිව මං ලග නතර කරලා ගියේ ඩොක්ටර්ව හම්බෙන්න.
මොකද මම ප්‍රාති ලග හිටියත් මම හිටියේ නිර්නාමිකව.කවුරුහරි රූම් එකට එනකොට මම අනිවාර්යයෙන්ම මාස්ක් එක දා ගත්තා.
මම කරන්න පටන් ගත්ත දේවල් තාම ඉවර නැති වෙද්දි දැන්ම කවුරුවත් දැනගන්න ඕනේ නෑ මම ජීවත් වෙනවයි කියන එක.
හිච්චිගේ බලකිරිල්ලට ගෙනාපු කෑම එකෙන් කටක් දෙකක් කාපු මම හිච්චි මට රවද්දිම අත හෝද ගත්තා.
එයා මගේ ඉස්සරහා මේ විදිහට ඉන්නැද්දි කොහොම ද දෙවියනේ මගේ උගුරෙන් පල්ලෙහාට බත් ඇටයක් උනත් යන්නේ.
"අනේ මංදා ශේථුවා උබ නොකා නොබී ඉදලා දැන් වෙන ලෙඩක් හදා ගන්නවා."
"විකාර වැඩක් නෑ තේශ් ඩොක්ටර් මොකද කිව්වේ"
අද හෙටම හුගක් දුරට ශේථුට සිහිය එන්න බැරි කමක් නෑ කියනවා. විහග මල්ලිගේ මොලේ එන්න එන්නම හොද ප්‍රතිචාර දක්වනවා කියලයි ඩොක්ටර් කියන්නේ"
තේශ් ඩොක්ටර් හම්බෙලා ඇවිත් කියද්දි මගේ හිතට හීනි සැනසීමක් දැනුනා.
ඉක්මනට නැගිටින්න මගේ ඇට්ටේරියා මං බලන් ඉන්නවා....
තේශ්ලා යන්න යද්දි ඒ නලලට උනුසුම් හාදුවක් තිබ්බ මං එයාගේ ලගින් වාඩි වෙලා ඒ ඇදටම ඔලුව ගහගත්තා.
![](https://img.wattpad.com/cover/359158993-288-k964705.jpg)
ŞİMDİ OKUDUĞUN
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Hayran Kurguඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...