Chapter 12

314 59 7
                                    

ආයි අම්මා මගේ ඔලුව.....

ඊයේ පිස්සු නටලා දැන් නැගිට්ට වෙලේ ඉදන් පුපුරන්න තරම් රිදෙන ඔලුව අතකින් පොඩි කරන ගමන් මම ඇස් ඇරියා.

අම්මපා ආයෙනම් බොන්නේ නෑ.

හැමදාම බිව්වට පහුවදා කියන උදාන වාක්‍ය කියන ගමන් මම ඇදෙන් නැගිටලා බාතෲම් එකට ගියා.

ශවර් එක ඇරලා උදේ පාන්දරම දැනෙන මුස්පේන්තු හැගීම යන්නත් එක්ක නාගෙන මම ලෑස්ති උනේ වැඩට යන්න.

ලෑස්ති වෙලා පහලට එද්දි මම දැක්කේ දේ එක්ක උදේ පාන්දරම මගේ යකා ඇවිස්සෙද්දි ඩැඩා ඉන්න නිසා මුකුත් කියන්න බැරි කමට මං සද්ද නැතුව ඇවිත් ඩයිනින් ටේබල් එකෙන් වාඩි උනා.

"ගුඩ් මෝනින් අභී..."

"මොනින් තිශා"

නොකියා බැරිකමට මම කියද්දි තිශා හිනා වෙලා මගේ ලග තිබ්බ පුටුවෙන් ඇවිත් වාඩි උනා.

මමී තිශා දිහා රවලා බලන ගමන් පාන් පෙත්තක බටර් ගාන්න ගද්දි මම කෑම මෙසේ දිහා බැලුවා.

යකෝ මේකි පාර්ටියකට ද කෑම ලෑස්ති කරලා තියෙන්නේ.කෑම මේසෙ උඩ තිබුන නූඩ්ල්ස්,පැස්ටා, වගේම ඔම්ලට් ප්ලේට් දිහා බලන් මම කල්පනා කරද්දි ඩැඩී කතා කරන්න ගත්තා.

"පුතා බෙදාගෙන කන්න අද තිශා දූ තමා බ්‍රෙක්ෆස්ට් හැදුවේ"

"අහ්හ් හරි ඩැඩී"

ඩැඩී කියද්දි තිශා හිනාවෙලා මගේ ප්ලේට් එකට කෑම බෙදන්න ගත්තත් මම ටක්ගාලා ප්ලේට් එක අහකට ගද්දි තිශා මං දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවා.

"එපා තිශා ඊයේ ඩ්‍රික්ස් ගත්ත නිසා ලොකු දෙයක් කන්න බෑ මම බ්‍රෙඩ් ස්ලයිස් එකක් කන්නම්"

"ඒත් අභී මං අද බ්‍රෙක්ෆස්ට් හැදුවේ ඔයාටමයි"

"පුතාට කන්න බෑලුනේ තිශා එයාට බලකරන්න එපා දරුවට අමාරු හින්දනේ කියන්නේ"

මමී කියනවත් එක්කම තිශා මූන නාලු කරන් එයාගේ ප්ලේට් එක දිහා බලාගද්දි ඩැඩි ආයෙම කතා කලා.

"දූ ආසවෙන් හදපු එකනේ අභීන් පොඩ්ඩක් හරි කන්න"

"කන්න බෑ ඩැඩී හැන්ගොවර් වගේ"

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now