Chapter 48

265 33 11
                                    

Prathi's POV

මගේ හිච්චි මැරයට,

මුලින්ම මට සමාවෙන්න මගේ ප්‍රාති.මොකද ඔයා මේ ලියුම කියවනවයි කියන්නේ මට ඔයාට ඕනෙම වෙලාවේ ඔයා ලග ඉන්න බැරි වෙලා කියන එකයි.

මං දන්නේ නෑ ඔයා දැන් ඉන්න තත්ත්වේ කොහොම එකක් වේවිද කියන්න ඒත් ඔයාට සිද්ද වෙනවා මෙතනින් එහාට සිද්ද වෙන හැම දේකටම තනියෙන් මුන දෙන්න.මං මේක ලියන මොහොතෙත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට මේක කියවන්න ලැබෙන්න එපාය කියලා ඒත් ඔයාම දන්නවනේ ප්‍රාති දෛවය හැමදාම අපිට දුන්නේ ලේසි තීරන නෙමෙයි.

ඉතින් මං කොච්චර උත්සහ කලත් අන්තිමේ තැනක් ඇවිත් තියෙනවා ඔයාට තනියම ඉස්සරහට යන්න වෙන.මං දන්නවා ඔයා මං හිතනවටත් වඩා මහා හුගක් ශක්තිමත් කියන්න ඒත් ඔයාට මූන දෙන්න වෙන්නේ ලේසි දේවල් වලට නෙමෙයි ප්‍රාති.

මට විශ්වාසයි ඉස්සරහට ඔයාට දරාගන්න අමාරු දේවල් වලට මූන දෙන්න වේවි ඒත් වැටෙන්න එපා මගේ ප්‍රාති ශක්තිමත්ව ඉන්න.කවදාවත් අමතක කරන්න එපා මගේ හදගැස්ම ඔයා කියන එක.

ආදරෙයි හුගාක්
මගේ ඇට්ටෙරියා මලට.
ඔයාගේ ශේථු.....

තේශ් මගේ අතට ගෙනත් දීලා ගියපු ලියුම පපුවට තද කරන් මං බලන් හිටියේ නිදාගෙන උන්න ශේථු දිහා.

අද කවදාවත් නැතුව මගේ කදුලු පවා වේලිලා ගිහින් තියෙද්දි මං අතේ තිබුන ලියුම නවලා සාක්කුවට දාගත්තා.

ඒ කියන්නේ ඔයා දැනන් උන්නා ශේථු මේ ගමනේ අන්තිම අපි දෙන්නටම එකට යන්න බැරි වෙන විත්තිය ඔයා දැනන් උන්නා.

ඒත් ඇයි බං උබට බැරිඋනේ මගේ පරිස්සම ගැන ඕනාටත් වඩා හිතුවා වගේ උබේ පරිස්සම ගැනත් හිතන්න.

මැශින් ගොඩක් මැද ජිවිතයත් මරනයත් අතර සටනක උන්න ශේථු දිහාට පාත් උන මං ඒ නලලට සිපුමක් තියලා හොස්පිටල් එකෙන් එලියට ආවා.

හැංගිලා හිටපු කාලේ ඉවරයි ආයෙම ප්‍රාණට එලියට එන්න වෙලාව ඇවිත්.

"යමුද?"

"ම්ම්ම් ශේථු ලග කවුද ඉන්නේ"

"මං ගිහින් එනකන් මගේ කෙනෙක්ට එතන මං ඉන්න කිව්වා බය වෙන්න දෙයක් නෑ"

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now