Chapter 9

359 63 7
                                    

"මචං අශාන්ව උන්ට මාට්ටු වෙලා"

"උබ කියන්නේ ඩේමියන් ලග ඉන්න උබේ ඔත්තුකාරයා ගැනද?"

"ඔව් කොල්ලා ගැන ආරන්චියක් නෑ කියන්නේ පොඩ්ඩක් හිතපන් අරුන් අපි එනවයි කියලා දැන ගත්තා වගේ ඔත්තුව දුන්න එකාවත් හොයාගෙන කියන එක."

"දැන් මොකද කරන්නේ අන්තිමට ඌ හිටපු දිහාවක්වත් උබ දන්නවද?"

"මට අන්තිමට ඌ කතා කරද්දි ඌ කිව්වේ ජැෆ්නා ආවා කියලයි ඩේමියන් එක්ක ඩීල් එකකට.
එහෙ ඉදන් තමා කොල්ලා ශේන් එදා ක්ලබ් එකට එනවයි කියන ඩිටෙල් එකත් මට එව්වේ"

"හරි මචන් මම කොල්ලගෙ ලොකේශ්න් ට්‍රැක් කරගන්න බලන්නම් උබ කලබල නොවී හිටපන්"

තෙයාශ් ෆෝන් එක කට් කරද්දි මගේ ඔලුව යකාගේ කම්මල වෙලා තිබ්බා.

අශාන්ට කරදරයක් වෙලා ඇති කියන සිතුවිල්ලම මාව පිස්සු වැට්ටුවා.

අශාන් කියන්නේ කාත් කවුරුත් නැති අනාත නිවාසෙක හැදිච්ච කොල්ලෙක්.කොල්ලට අවුරුදු පහලවේදි කොල්ලව අනාත නිවාසෙන් හදාගන්න අරන් යනවයි කියලා අරන් ඇවිත් ඌව ගනිකා නිවාසෙක වැඩට අරන්.

එතන ඉදන් අවුරුදු තුනක් ඌ ඒක ඇතුලේ අපා දුක් විදිද්දි මීට අවුරුදු හතරකට කලින් අපි ඒ ගනිකා නිවාසේ වට කලා.

මුලු ඇගේම තුවාල එක්ක හොදටම දුර්වල වෙලා මැරෙන්න වැටිලා හිටපු අවුරුදු දහාටක පොඩි කොල්ලෙක් විදිහටයි මම අශාන්ව මුලින්ම එදා දැක්කේ.

එදා ඉදන් හරියටම අවුරුද්දක් විතර ගියා අශාන්ට ආපහු යථා තත්වෙට එන්න.ඒ අවුරුද්දම මම අශාන්ව බලාගත්තේ මගේ සහෝදරයෙක් වගේ.

අශාන්ට සම්පුර්නයෙන්ම හොද උනාට පස්සේ ආශාන්ටත් ඕනේ උනා මාත් එක්ක වැඩ කරන්න.

ඉතින් ඒ විදිහට අශාන් CID එකේ ට්‍රේනින් වලට රට ගිහින් ආයෙම ලන්කාවට ආවේ ඩේමියන්ගේ මිශන් එකටයි.

කොල්ලා ලන්කාවට ආවා විතරයි අකමැත්තෙන් උනත් දැනට අවුරුද්දක ඉදලා ඩේමියන් ලග වැඩට ගියේ අපේ මිශන් එක සක්සස් කරගන්න.

මොනදේ උනත් අශාන් අසනීප වෙලා හිටපු කාලේ මම එයා ගැන කාටත් දැනගන්න ඉඩ තිබ්බේ නෑ වගේම හොද උනාට පස්සේත් අශාන් කෙලින්ම රට ගියපු නිසාම තෙයාශ් උනත් අශාන් ගැන ලොකුවට විස්තරයක් දැනන් හිටියේ නැ.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now