"හිච්චි උබට වැඩක් තියෙනවා"
වැල්ලට පය ගහපු වෙලේම මම හිච්චිට වැඩක් බාර දෙද්දි කොල්ලා මට සැලුට් එකක් දාන් කාර් එකත් අරන් ආපහු යන්න ගියා.
මූට ලයිසනුත් නෑ පන්ඩිතයා වගේ ගිහින් කොහෙ හරි ඇනගත්තොතින් මට තමා තේශ් ගෙන් අහගන්න වෙන්නේ.
ඔලුව දෙපැත්තට වනලා හුස්මක් ගත්ත මං වැල්ල දිහා බැලුවා.වැල්ල සාමකාමී, ඉස්සර වගේ තව දුරටත් මැරකම් කරන්න බලෙන් ගෙවල් වලට පැනලා ගෙදර ගෑනු දූශනේ කරන්න දවසම මහන්සි වෙලා හම්බ කරන සොච්චම උදුරන් යන්න දැන් කවුරුත් නැති වෙද්දි වැල්ලේ පොඩි උන් පවා නිදහසේ එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කරන ගමන් හිටියා.
ඩේමියන්ගේ ගෙදර සීල් තියලලු ඒත් කවුරුත් නොදන්නවා උනාට ඩේමියන් හැංගිලා ඉන්නෙත් ඔය මගුල ඇතුලෙම තමයි.
මගේ ජිවිතෙන් වැඩි හරියක් මං ඔය ගේ ඇතුලේ වගේම ඩේමියන් එක්ක ගෙවලා තියෙනවා.ඉතින් ඒ ගැන මං ඇරෙන්න වෙන කවුද දන්නේ.
කරන්න වැඩ ගොඩක් තියෙනවා.ශේථු මාව මෙහෙන් අරන් යන්න කලින් මං උන්න ගෙදරට කවුරුත් අතක් වත් තියලා නැති වෙද්දි ගේ ඇතුලට ආපු මං දොර වහලා කාමරේට ගියා.
මාස ගානක් ගෙවිලා ගිහින්.මේ ගේ ඇතුලේ ශේථුගෙත් මගෙත් අන්තිම මතක මට මතක් වෙද්දි මම හිනා උනා.එදා තමා එයා මේඝ විදිහට මං ඉස්සරහට ආව අන්තිම දවස.
සාක්කුවෙන් ෆෝන් එක අතට අරන් මං කාමරේට ආවා.මේ මාස ගානටම ඕෆ් කරලා ශේථු අරන් තියලා තිබුන ෆෝන් එක මං ඔන් කරද්දි කෝල් මැසේජ් ලොට් එකක් එක පිටට ෆෝන් එකට එන්න ගත්තා.
ෆෝන් ස්ක්‍රීන් එකේ මුල් දවස් වල ඩේමියන් විශාන් ගේ ප්‍රශ්නෙට මාව දාගෙන හොයලා මැසේජ් දාලා තියෙද්දි මගේ ඇස් නැවතුනේ ඊයේ හවස අන්නොව්න් නම්බර් එකකින් ඇවිත් තිබුන මැසේජ් එකට.
'මෙච්චර කාලයක් හැංගිලා ඉදන් උබව පරිස්සම් කරපු එකා දැන් ඉවරයිනේ, ලෑස්ති වෙලා ඉදපන් ඊලග චාන්ස් එක එන්නේ උබට.මට ඕනේ දේවල් මට ලැබෙන්නේ නැත්නම් ඒවා වෙන කාටවත් ලැබෙන්නත් මම ඉඩ තියන්නෙත් නෑ....'
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...