"ප්‍රාති කෝහ්හ් නැගිටින්න"
"ම්ම්හ්හ් ඉන්න දෙන්නකෝ ශේථු"
"එහෙනම් ඉන්නවකෝ තමුසෙට හොද වැඩක් කරන්න මං"
පාන්දර වෙනකන් අඩව් කස්තිරන් අල්ලපු අපි දෙන්නා ඇහැරෙද්දි දහයත් පහු වෙලා තියෙනකොට මං මට ගුලි වෙලා ඉන්න ප්‍රාති ගේ කම්මුල් වලට තට්ටු කරන ගමන් එයාව ඇහැරන්න හැදුවා.
ඒත් කොහෙද තව ටිකක් තව ටිකක් කිය කියා එයා කෙරුවෙම හොදට ඇද රෙද්දට ගුලි උන එක.
අන්තිමේ බැරිම තැන මං එයාව උස්සන් ඇවිත් ශවර් එක යටින් හිටවලා අපි දෙන්නවම තෙමෙන්න ශවර් එක ඇරියා.
"අහ්හ් ශේථු මොන මගුල මිනිහෝ කරන්නේ"
"දැන් ඉතින් දෙන්නත් එක්කම නාගමු බබා"
"මෝඩයා..."
මටත් ගස්සලා එයා මගේ අත් වලින් බිමට බහිද්දි මම හිනාවෙන ගමන් එයාව ශවර් එක යටම පිටිපස්සෙන් ඉදන් තුරුල් කරගත්තා.
ශුංගාරි රැයකට පස්සේ ඒ රෑ ආයෙම මතක් කරලා දෙන මතක සටහන් එයාගෙත් මගෙත් ඇගේ පිරිලා තියෙද්දි මං ප්‍රාතිව තුරුල් කරගෙනම ඒ බෙල්ල පාමුලින් හාදුවක් තිබ්බා.
දැන් දැන් මට දැනෙනවා ආයෙම ඉස්සර මං ලග උන්න මගේ ප්‍රාතිට පන එනවයි කියන්න.
ඉතින් මං ඉවසනවා මොකද මං දන්නවා මේ ගමනේ අපේ සැනසීම වැඩි ඈතක නෙමෙයි කියන්න.
බාතෲම් එකෙත් කෝලම් කරලා අන්තිමේ පැයක් විතර හොදට නා ගත්ත අපි දෙන්නා පහලට එද්දි පල්ලෙහා එකපාරටම දැක්ක දේ එක්ක පඩිපෙලේ මග නැවතුනා.
"තමුසෙට එපානම් ඒක මූනට කියනවා සිලුන නිකන් බලු කතා නොකියා.
තමුසෙට තියෙන ආදරේට මිසක් තමුසේ කරන කියන හැමදේම මෙච්චර දවසක් ඉවසන් හිටියේ නැතුව මගේ කොන්ද පනනැති කමට නෙමෙයි.
ඒත් ඉවසන එකෙත් සීමාවක් තියෙනවා අද තමුසේ ඒක පැන්නුවා.හරි කමක් නෑ තමුසෙට වටින්නේ නැත්තන් මගේ ආදරේ මේ විදිහටම තිබිච්චාවේ ආයේ මං තමුසෙට කරදර කරන්න එන්නේ නෑ"
සාලේ බිත්තියකට හේත්තු කරන් හිච්චිගේ කට මිරිකලා අල්ලන් උන්න තේශ් කේන්තියෙන් හිච්චිට කෑගහලා එලියට බැහැලා යන්න ගියා.
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...