"ශ්...ශේත්...ථු...."
අවුරුද්දක් හරියටම අවුරුද්දකට පස්සේ මම ආයෙම ඒ රූපේ දකිනවා.මං දන්නේ නෑ මම මේ දකින්නේ හීනයක්ද කියන්න ඒත් එයා මේ මොහොතේ මගේ ඇස් ඉස්සරහා හිටන් ඉන්නවා.
"මේ කවුද සිහිනි"
විනාඩි ගානක්, එක විනාඩි ගානක් මං වචනයක් නොකියා ඉන්න තැනම ගල් වෙලා ඒ රූපේ දිහා බලන් හිටියා.
මට එයාට කතා කරන්න ඕනේ උනත් අවංකවම මට වචන අමතක උනා.කොටින්ම මම ගොලුවෙක් උනා.
"අහ්හ් මේ ප්‍රාණ අයියා, මේඝ අර මං ඔයාට කියලා තියෙන්නේ"
"අහ්හ් මහත්තයා සමාවෙන්න ඕනා අදුනගත්තේ නැතුවට, මං ඉතින් වැල්ලට අලුත් මිනිහනේ"
ඒ රූපේ හිනා වෙලා ගෙට ගොඩවෙද්දි මම වචනයක් නොකියා එයා දිහා බලන් හිටියා.
බාහිර ලෝකේ සිද්ද වෙන කිසිම දෙයක් ගානක් නැති වෙද්දි මම බලන් හිටියෙ මගේ ශේථු දිහා.
අවුරුද්දක් තිස්සේ හීනෙන් විතරක් දැකලා මම විදවපු මගේ ආදරේ දිහා.මට ඕනේ උනා දුවලා ගිහින් ඒ කකුල් දෙක ලග වැටිලා සමාව ඉල්ලන්න.
එකම එක වතාවකට මට සමාවෙයන් කියන්න.ඒත් ගෙට ආපු ශේථු සිහිනිව තුරුල් කරන් ඒ කෙල්ලගේ නලලට සිපුමක් තියද්දි මට දැනුනේ මගේ ශරීරේ තව දුරටත් මට අයිති නෑ වගේ කියලයි.
ඒක වේදනාවක් මගේ ඉස්සරහම එයාගේ අයිතිය වෙන කෙනෙක්ගේ කියලා දැනෙන එක පපුව හූරන් යන වේදනාවක්.
කකුල් විතරක් නෙමෙයි දැන් දැන් උස්සන් ඉන්න බැරි තරමට මගේ ඔලුවත් කැක්කුම් දෙද්දි මම ඒ මුකුත් පිටට නොපෙන්වා අමාරුවෙන් හිනා උනා.
"මේ එතකොට සිහිනි"
"අහ්හ් අයියේ මේ මං බැදලා ඉන්න කෙනා, මේඝ.මෙයානම් වැල්ලේ නෙමෙයි අපි වැඩට යද්දි අදුරගෙන යාලු උනේ
මේ හිටියට මෙයා හරි පන්ඩිතයි අයියේ වැල්ලට අලුත් කියලා කට පරිස්සම් කරන් ඉන්න දන්නේ නෑ.
අනේ තරහා නැතුව මොනාහරි උනොත් පොඩ්ඩක් මෙයා ගැනත් හොයලා බලන්න අයියට පින් අයිති වෙනවා."
![](https://img.wattpad.com/cover/359158993-288-k964705.jpg)
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...