Chapter 37

325 57 23
                                    

"හෙට මගේ මැරෙජ් එක"

සලාංංංංං

ශේථුගේ වචන එක්ක තත්පර ගානක් නිශ්ශබ්දව තිබ්බ මුලු පරිසරේම ගැස්සිලා ගියේ මගේ අතේ තිබ්බ හැන්ද බිම වැටෙද්දි.

හැන්දේ සද්දෙත් එක්ක මේ ලෝකෙට ආපු මං ඉක්මනට මුකුත් නොකියා තව හැන්දක් මේසෙන් අරන් සුප් බෝව්ල් එකට ඔලුව ඔබා ගත්තේ අනිත් තුන් දෙනත් මුකුත් නොකියා කන්න ගද්දි.

ශේථුගේ වචන එක්ක හිච්චිගේ පවා කට වැහිලා තියෙද්දි මගේ ඇස් හරි අහම්බෙන් ශේථුගේ ඇස් වල පැටලුනා.

අහම්බෙන් කිව්වත් ශේථු මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ මං දිහා බලාගෙන වෙද්දි මම කලේ පුළුවන් තරම් එයාගේ බැල්ම මගෑරපු එකයි.

ඒත් අන්තිම මිලි තත්පරේදී මගේ ඇස් ඒ ඇස් එක්ක පැටලුනා.ඒ ඇස් මං දිහා කිසි හැගීමක් නැතුව බලන් ඉද්දි හුස්මක් පාත දාපු මං කෑම මෙසෙන් නැගිට්ටා.

"මගේ ඇගට තවම හරි නෑ වගේ මම කාමරේට යන්නම්"

කා දිහාවත් නොබලා කිව්ව මං අඩියට දෙකට කාමරේට ඇවිත් දොර වහලා ඒකට පිටදීලම බිම වාඩි උනේ ඇස් දෙක තද කරන්.

ඒත් වැඩක් නෑ මේ වෙද්දිත් මං නවත්තගන්න හැදුව මගේ ඇස් වල කදුලු නාලිකා පනගහලා.

කිසිම ගානක් නැතුව ශේථු කියලා දැම්මා එයා මැරි කරන්න යන්නේ කියලා ඒත් මං අහන්නේ ඇයි මේ තරම් දෙයක්, එයා හදන්නේ මාව රිද්දන්නද?

නෑ එහෙම වෙන්නත් බෑ.මොකද මම ඒක දැක්කා, මට රිදෙන්න එහෙම දෙයක් කරන්න තරම් එයාගේ ලග තව දුරටත් මං ගැන හැගීමක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

දැනෙන පීඩනෙත් එක්ක දවස් දෙකකින් බෙහෙත් බීලාත් නැති හින්දා මට දැනුනා මාව වෙව්වලනවා.

කේන්තියකටත් වඩා මේ වෙලාවේ මට දැනුනේ මහා කලකිරීමක්, තනිකමක්.ඔලුව පුපුරන්න තරම් කැක්කුම් දෙද්දි මං කලේ අත් දෙකෙන්ම ඔලුව තද කරගත්ත එක.

ශේථු මැරි කරන්න යනවයි කිව්ව වචන මගේ කන් ඇතුලේ තවමත් දෝන්කාර දෙද්දි දත්මිටි කාගෙනම ඉන්න තැනින් නැගිට්ට මං බාතෲම් එකට ගිහින් ශවර් එක ඇරලා ඒක යටින් වාඩි උනා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now