Chapter 55

326 36 12
                                    

ගන් එක ප්‍රාතිගේ නලලින් තියන් කිව්ව ශේන් එක පාරටම ප්‍රාතිව එහාට තල්ලු කරලා අශාන්ට ගන් එක දික් කරද්දි අශාන්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා.

"ශේන් උබට පිස්සු හැදිලද මොනාද මේ කරන්නේ උබ"

"කරන්නේද?....කරන්නේ කරන්න ඕනා හරිම දේ....උබ මගේ නම පාවිච්චි කරලා ශේථුද මරන්න හැදුවා වගේ මමත් හුග කාලෙක ඉදන් කලේ උබව පාවිච්චි කරපු එක අශාන්"

"අහ්හ් ඒ කියන්නේ උබ මාව රැවැට්ටුවා"

"ඇයි උබට විතරද පිටිපස්සෙන් ඉදන් පිහියෙන් අනින්න පුළුවන් ම්ම්ම්"

"ඔය ගන් එක පැත්තකට දාපන් ශේන් නැත්තන් උබටත් වෙන්නෙ මුන් එක්කම මැරිලා යන්න.හොදටම බලපන් මුන් තනි වෙලා...."

"නෑ උබ හොදට බලපන් අශාන් උබයි තනි වෙලා තියෙන්නේ.මැරුන උන් ඔක්කොම උබේ උන්....මෙතන ඉතුරු වෙලා ඉන්න හැම එකෙක්ම මගේ කොල්ලෝ...."

ශේන් අඩියෙන් අඩිය අශාන් ලගට ලං වෙන ගමන් කියද්දි මෙච්චර වෙලා අපිට ගන්ස් දික් කරන් උන්න උන් අශාන් දිහාවට උන්ගේ ගන්ස් ඒම් කලා.

"උබ....උබ මාව රැවට්ටුවා..."

"නෑ අශාන් උබම රැවටුනා....උබ අයියත් එක්ක එකතු උනත් හරි අයියාව උබ පාලනේ කරන්න ගත්තා.උබ නිසා මගේම අයියා මගේ ඔලුවටත් තුවක්කුව තිබ්බා.මැරිලා පලයන් අශාන්.....උබ අපි හැමෝටම සාපයක්...."

ඩෝන්න්න්න්න්න්

ඩෝන්න්න්න්න්න්න්න්

ඩෝන්න්න්න්

වෙඩි උන්ඩ තුනක් අශාන්ගේ පපුව පසාරු කරන් යද්දි අශාන් බිම වැටුනා.ඒත් එක්කම ගන් එක බිම දාපු ශේන් බිම දනගහගද්දි හරි සිහියට ආපු ප්‍රාති ගිහින් ශේන්ගේ උරහෙන් අත තිබ්බා.

"තැන්ක් යූ....."

ප්‍රාතිගේ අත දිහා බලපු ශේන් ඒ අතට තට්ටුවක් දාලා නැගිටලා ප්‍රාති දිහා බැලුවා.

"ස්තූති කරන්න දෙයක් නෑ ප්‍රාණ උබේ ජිවිතේ විනාස වෙන්න මමත් එක හේතුවක්.මට ඕනේ උනේ අන්තිම මොහොතේ හරි ඒ වැරැද්ද හදා ගන්න.

අදින් පස්සේ උබ නිදහස්....හැමදාම උබ ප්‍රාර්ථනා කලා වගේ ජිවිතයක් ගෙවපන් පොඩි සහෝදරයා......."

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now