Chapter 29

285 53 12
                                    

අලුත් දවසක්,වෙන කෙනෙක්ටනම් අලුත් දවසක් කියන්නේ අලුත් බලාපොරොත්තු ගොඩකට ඒත් මට,

දවසක් පහු වෙලා තවත් දවසක් පටන් ගන්නවයි කියන්නෙම වේදනාත්මක මතක ගොන්නක් එක්ක ජීවත් වෙන්න තියෙන තවත් පැය ගානක ආරම්භය විතරක්ම උනා.

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා....

දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා....

හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ....

ගිටාර් එකේ තත් අතර හිර වෙච්ච මගේ ඇගිලි තුඩු ශිහාන් මිහිරංගගේ සින්දුවක පදපේලි වලට පන දෙද්දි ඇරලා තිබුන ජනේලෙන් ආපු හුලගට කාමරේ තිබුන ඇට්ටෙරියා පැලෙන් මලක් බිමට වැටුනා.

කාමරේ තිබුන ජනේලෙන් පේන වැල්ල දිහා බලන් ශිහාන්ගේ සින්දුව මුමුනපු මං වැටුන ඇට්ටෙරියා මල අතට අරන් ජනෙල් පඩිය උඩින් තිබ්බා.

මේ මලට තරම්වත් නිදහසක් මට නැතුව ඇති.

සිංදුව නවත්තපු මං ගිටාර් එකේ තත් උඩින් හරි හිමීට ඇගිලි ගෙනිච්චා.මේක මට දුන්නේ ශේථු.

ශේථුට පුදුම තරම් ලස්සනට ගිටාර් ප්ලේ කරන්න වගේම සින්දු කියන්නත් පුළුවන්.එයා හින්දම මමත් සංගීතෙට ආදරේ කරන්න ගද්දි ඒ වෙනුවෙන් මට ශේථුගෙන් හම්බුන තෑග්ග තමා මේ ගිටාර් එක.

ඉස්සරනම් මම ගිටාර් එක ප්ලේ කරනවටත් වඩා එයා ප්ලේ කරනවා බලන් ඉන්න පුදුම තරම් ආසයි ඒත් දැන් හැමදෙයක්ම වෙනස් වෙලා.මං විතරක් එයා නැතුව එයාගේ මතක එක්ක තනි වෙලා.

වැල්ල දිහා බලන් කල්පනා කර කර හිටපු මං දැක්කේ ඈතින් ගේ දිහාට දුවන් එන හිච්චිව.

"ප්‍රානයියේ....ප්‍රානයියේ...."

ජනේලේ ඇරලා තිබ්බ නිසාම ජනේලේ ලගට එන ගමන් හිච්චි කෑ ගහද්දි මම අතේ තිබ්බ ගිටාර් එක හිමිහිට පුටුව උඩින් තියලා ඉදන් හිටපු තැනින් නැගිට්ටා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now