Chapter 50

252 36 10
                                    

ඉර බැහන් යනවා.වැල්ල කියන්න බැරි තරම් සාමකාමී.ඉස්සර නම් ඉර බැහැලා අන්දකාරේ වැටෙන්න ගන්නවා කියන්නෙම වැල්ලේ මිනිස්සු පන බයෙන් ගැහෙන වෙලාවක්.

කොහෙන් කවුරු කඩන් පැනලා තියෙන සේසත උදුරන් යයිද කවුරු ඇවිත් බලහත්කාරකමක් කරලා යයිද කොතනින් වෙඩි සද්දයක් ඇහෙයිද කියලා පන බයේ ගෙවපු ඒ කාලේ දැන් අවසානෙකට ඇවිත්.

වැල්ලේ අහින්සක මිනිස්සු නිදහසේ හුස්ම අදිනවා.තව දුරටවත් කාටවත් බයවෙන්න ඕනේ නෑ කියලා දැන ගත්ත උන් හිත නිදහසේ ඇස් පියව ගන්නවා.

ඇරලා තිබුන ජනේලෙන් පේන වැල්ලේ දාලා තිබුන සාජ්ජේ දිහා බලලා මං හිනා උනා.

ඉස්සර මෙහෙම දෙයක් උනානම් ඒ ඩේමියන්ගේ හෙංචයියෝ බීලා, ආතල් එකට කරපුවා.ඒත් අද සාජ්ජේ ඊට වෙනස්.අද සාජ්ජේ තිබුනේ තනිකරම නිදහස වෙනුවෙන් දැනුන අවංක සතුටක්.හරියටම කිව්වොත් වැල්ලේ උන් ඩේමියන්ගෙන් උන් නිදහස් උනාට සතුට සමරනවා.

ගෑනු පිරිමි බේදයක් නැතුව හැමෝම හිනා වෙලා වැල්ලේ ගහලා තිබුන ගිනිගොඩ වටේ රොක් වෙද්දි මගෙන් නාහෙන් අඩලා අවසර ගත්ත හිච්චියත් එතනට වෙලා නාගසල වෙන්න ගසන ගමන් උන්නා.

කාලෙකට පස්සේ මමත් නිදහසේ හුස්මක් ගත්තා.තව එකයි ඊට පස්සේ මම නිදහස් ආත්මයක්.වසන්තේ සමනල්ලුන්ට මගේ ජිවිතේ ආයෙම පියාබන්න ඉඩ ඇහිරුනත් අඩුම ගානේ මම නිදහසේ හුස්ම ගනීවි.

තව දුරටත් මගේ අත්වල ලේ නොගෑවි තියෙවි.මගේ හර්දසාක්ශියෙන් මට ගැලවීමක් ලැබේවි.

දැන් පාන්දර එකටත් ලග නිසා ජනේලේ වහලා දාපු මං කාමරේට ඇවිත් නිදා ගන්න ලෑස්ති උනා.

පොඩි ඇටයා බොන්න බැරිනම් නාලා හරි අද එන්නේ නැතෑ අල්මාරියෙන් බෙහෙත් ටික අතට අරන් උගුරට හලාගෙන මං ඇදට වැටුනා.

අද උදේ වෙනකොට ඩේමියන්ගේ පාලන කාලේට සදහටම තිත තිබ්බට මොකද ඌ නිසා ලිමිට් පැන්න මගේ කෙන්තිය මට අද දවසම නොසෑහෙන්න වද දුන්නා.

ඕනාවට වඩා නැතත් යම්තාක් දුරට සීමාව ඉක්මවපු නිසාම මට උදේ ඉදන් දරන්න බැරි ඔලුවේ කැක්කුමක් ඇවිත් තියෙද්දි ඕන මගුලක් කියලා නිදි පෙති දෙකකුත් ගහලා මං ඇදට වැටුනා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now