Chapter 23

298 58 13
                                    

Prathi's P.O.V.

Dil-හදවත, එහෙම නැත්නම් මම එයාගේ හදවතේ ගැස්ම.එහෙමයි එයා මට කිව්වේ.ඒත් අන්තිමේ මං මොකක්ද කලේ?? මං මට පිස්සුවෙන් වගේ ආදරේ කරපු ඒ ලස්සන හදවත මරලා දැම්මා.

නිකන් නෙමෙයි ඒ අහිංසක හදවත අමු අමුවේ කීතු කීතු වලට ඉරලා දාලා.තාමත් මට ඒ ඇස් වල අන්තිම මොහොතේ තිබ්බ බැල්ම මැවිලා පේනවා.

ඒ වෙඩි උන්ඩේ වැදුනේ එයාගේ හදවතට උනත් ඒ වේදනාව මටත් ඒ වගේම දැනුනා වගේම තාමත් දැනෙනවා.

මම මහා පව් කාරයෙක් මං මගේ අත් දෙකෙන්ම මගේ ආදරේට අවසන් ගමන් යන්න පාර කැපුවා.

ඒ ඇස් මාව අන්ධයෙක් වගේ විශ්වාස කරද්දි මම මොකද කලේ.මම කලේ ඒ විශ්වාසෙන් අයුතු ප්‍රයෝජන ගත්ත එක.

සමහර විට මම එයාට ආදරේ කරන්න තෝර නොගත්ත නම් එයා අදටත් ජීවත් වෙන්න තිබුනා.

ඒත් ඇත්තටම මම එයාට ආදරේ කලාද? එහෙමනම් මම කොහොම ද එයා මගේ ඇස් ඉස්සරහා මරලා දානකන් මුකුත් නොකර බලන් හිටියේ.

මම නම් මහම මහා පව් කාරයෙක්.එයා එයාගේ ආදරේ මට හිස් තැනක් නැතුව දෙද්දි මම කලේ ඒ ආදරේට මලගම් යන්න මග හදපු එක.

අනේ දෙවියනේ මට සමාවෙයන් ශේථු.උබව රැක ගන්න උබේ ඉස්සරහා මේ හැම ඇත්තක්ම කියලා ඔය අත් දෙකෙන් මගේ අත්වලට මංචු දාගන්න තරම් මගේ කොන්ද පන තිබුනේ නෑ.

එයා හෙල පල්ලෙහාට වැටිලා ගස් අතර නොපෙනි යද්දි මමත් ඒ එක්ක හෙලට පනින්න හැදුවත් ශේන් ඇවිත් ගන් එකේ පිටිපස්සෙන් මගේ ඔලුවට ගහපු පාරට මට සිහි නැතුව ගියා.

ආයේ මට සිහිය එද්දි උදේ වෙලා.ඒ වගේම වෙන්න ඕනේ දේවල් ඔක්කොම ඉවර වෙලා.

කලින් දවසේ එයාටයි මටයි උනුසුම දුන්න ඇද අද මගේ විතරක් පාලු කපද්දි මට දැනුනේ මහා මූසල හැගීමක්.

ඉතින් ශේථු ඔයා නැතුව මගේ ජිවිතේ හැමදාටම මූසල වේවි.ඔයාට කරපු දේ වෙනුවෙන් මම ඇතුලන්තයෙන් මැරි මැරි ඉපදේවි.

මට සමාවෙයන් රත්තරනේ ඒත් පිටතින් මට කිසිම හැගීමක් දැනීමක් නැති එකෙක් වගේ ඉන්න වේවි.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now