ප්‍රාණ...ප්‍රාණ....මං මේ කාලකන්නි නමට වෛර කරනවා.මං දන්නේ නෑ මම මොන වැරද්ද කලාටද මගේ තාත්තා මාව මේ නරා වලට ඇදලා දැම්මේ කියන්න.මං මහා පව්කාරයෙක්.
මට ලං වෙන හැම කෙනාටම උනේ හුගක් ඉක්මනට මොනාමහරි දේකට වන්දි ගෙවන්න එහෙම නැත්තන් මැරිලා යන්න.
මීගමුව ඉස්පිරිතාලෙ මෝචරියේ උන්න මං ඒ කකුලේ අග එල්ලෙන ටැග් එක දිහා බලන් හිටියා.මිනිමැරුම් ම හතරක්.ඒත් නීතිය ඇස් වහගෙන.
අහින්සකයෝ හතර දෙනෙක් අර පොඩි දරුවව පවා මරලා දාපු පාහරයා හොයන්න පොලිසිය අඩුම පැයවිසිහතරක්වත් මහන්සි උනේ නෑ.
ඔව් ඉතින් කොහේ මහන්සි වෙන්නද කමිශනල් උතුමානන් ගේ අවජාතකයට රිදෙන්න පුළුවන් නේ මේවා යටට හාර ඇවිස්සුවොත්.
බල්ලා....උබ තව ටිකක් ඔහොම උඩ පැනපන්කෝ...එක පාරක් උබව මරපු මට ආයේ පාරක් උබව මරන එක ලොකු දෙයක් නෙමෙයි.ඒත් මගෙයි වැරැද්ද උබ එදා මැරිලා ගියා කියලා හිතලා මං උබව අමතක කරලා දැම්මා.
ඒත් උබ කලේ මැරිලා කියලා ලෝකෙට පෙන්නන් ආයෙම හිමින් හිමින් අපේ ජිවිත විනාස කරන්න පොටක් හොයපු එක.වේසාවා....
මිනි හතරටම සල්ලි දීලා ඉස්පිරිතාලෙන්ම ඒවා වලලන්න කියලා ඉල්ලපු මං ආයෙම එන්න ආවා.කමක් නෑ නීතිය ඉශ්ට කරන උන්ට ම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඇයි දන්න දා ඉතින් අත්වල ලේ ගාගත්ත මට බැරි.
කන්ටේනර් කාරයට පනපිටින් අපාය පෙන්නලා දීලා ආපහු දවල් ගෙදර ආපු මං ආයෙම හවස ආවේ මීගමු ඉස්පිරිතාලෙට.ඒ වෙද්දිත් පොලිසියෙන් කේස් එක හිමින් සැරේ යට ගහලා මිනි හතර මෝචරියට බාර දීලා තිබුනා.
මොනා කරන්නද මට කේන්තියි.එකා එකා පෙති ගහලා මරන්න තරම් අම්බානෙකට කේන්තියි.ඒත් මං ඉවසනවා.මොකද තව පොඩ්ඩයි ඌව මගේ අත් දෙකට අහු වෙනකන් මං ඉවසනවා.ඒත් එතනින් එහාට...ම්ම්ම්ම් කතාව හුගාආඅක් රසවත් වේවි.
කාර් එක අයින් කරලා ආයෙම මං මගේ පුරුදු වාහනේට බැස්සා.මගේ ආදරනීය බයික් එක.
බයික් එක, එක අතකින් අල්ලන් අනිත් අතෙන් නැපෝලියන් බෝතලේ කටේ ගහගත්ත මං පිස්සෙක් වගේ පාරේ බයික් එක අරන් ආවා.
![](https://img.wattpad.com/cover/359158993-288-k964705.jpg)
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...