"ඔහොම ඉන්න මං ටක්ගාලා ගිහින් ඇදුමක් මාරු කරන් ඇවිත් ඔයාව වොශ් කරන්නම් ප්‍රාති.."
හවස හොස්පිටල් එකෙන් ටිකට් කපන් ආපු ප්‍රාතිව ඇද උඩින් තියලා මම ඉක්මනට ඒ රූම් එකට එහා පැත්තේ තිබ්බ මගේ රූම් එකට ගියේ ඇදුමක් මාරු කරන් එන්න.
ඇදුමකුත් මාරු කරන් තෙයාශ්ට සුප් එකකුත් හදන්න කියන ගමන් මම කාමරේට එද්දි දැක්කේ ප්‍රාති කාමරේ ජනේලෙන් එලිය බලන් ඉන්නවා.
"ඇයි නැගිට්ටේ මම කිව්වා නේද මම එනකන් ඉන්න කියලා"
"මගේ අත විතරයි ශේථු ඩැමේජ් කකුල් නෙමෙයි"
එයා ලගට ගියපු මගේ කම්මුලකට අතක් තියලා බෙල්ලත් ඇල කරන ගමන් ප්‍රාති කියද්දි මම ඒ හෙලවෙන තොල් දිහා බලන් හිටියා.
එයාව ආපහු හම්බුන දවසේ ඉදන් මම මගේ හැගීම් වලට වැටකඩොලු දාන් හිටියත් දැන් මට ඒ හැම බාදකයක්ම අයින් කරලා දාන්න ඕනේ වෙද්දි මගේ කම්මුලේ තිබ්බ එයාගේ අත අල්ල ගත්ත මං තවත් බලා නොයිද එහෙම්මම ඒ තොල් වලට බර උනා.
එයාගේ මැහුම් දාපු අත පරිස්සමට එක අතකින් අල්ල ගත්ත මං හරි හරියට ඒ තොල් අස්සේ අතරමං වෙද්දි ප්‍රාතිත් තව තවත් මගේ උනුහුමට ගුලි උනා.
ම්හ්ම්ම්..
උඩු තොල යටිතොල එක්ක ගනුදෙනු බේරපු මං හිමින් සැරේ ඒ තොල් අතරින් ඇතුලට පාර හොයන් යද්දි ප්‍රාති ගේ කටින් කෙදිරියක් පිටඋනා.
ඒත් මට නතර වෙන්න උවමනාවක් කොහෙත්ම තිබුනේ නෑ.ඒ තොල් අස්සෙන් පැටලුන අපි දෙන්නගේ දිවවල් නොනවතින සංග්‍රාමෙක යෙදිලා ඉද්දි මම එක තත්පරේකට එයාගේ තොල් වලින් ඈත් උනා.
ඒ ඇස් දිහා මොහොතක් බලන් උන්න මං ආයෙම ඒ තොල් වල පැටලෙද්දි මට දැනුනා ප්‍රාතිගේ හොදට තිබුන දකුනු අතෙන් මගේ කෙස් ගස් මිරිකෙනවා.
එයාගෙත් මගෙත් දෙතොල් සංග්‍රාමේ ටිකකට නතර කරපු මං ආයෙම පාත් උනේ එයාගේ බෙල්ලට.හුග කාලයක් මට මගෑරුන ඒ ඇට්ටෙරියා මල් සුවද මං එයාගේ බෙල්ල පාමුලින් තොල් තියන් විදිද්දි ප්‍රාතිගේ අත රටාවකට ඇවිලුන මාව සන්සුන් කරන ගමන් මගේ කෙස් අතර එහෙ මෙහෙ උනා.
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...