Chapter 45

286 50 16
                                    

හිච්චිව හම්බෙන්න හිතන් කොල්ලගේ කාමරේට ආව මං දොරට තට්ටු කරන්න ගිහිල්ලත් ආයෙම නිකමට වගේ දොරේ නොබ් එකට අත තිබ්බා.

හිතුවා වගේම කොල්ලා දොර ලොක් කරලා තිබුනේ නෑ.කාමරේට ඔලුව දාලා මං හිච්චිව හොයද්දි කොල්ලා ජනේලේ ලගට වෙලා එලිය බලන් කල්පනා කරනවා.

සීතල හින්දම මෙහෙට ඉක්මනට කලුවර වැටෙනවා.ඒ හින්දම මේ වෙද්දි පොඩි අන්දකාර ගතියක් තියෙද්දි මම කාමරේ ලයිට් එක දැම්මා.

ලයිට් එක දානවත් එක්කම ගැස්සිලා වගේ හැරිලා බලපු හිච්චි මාව දැකලා ආයෙම ජනේලෙන් එලිය බලා ගත්තා.

"මට බැනලා යන්නද ඔයා ආවේ"

"බනින්න ඒ මොකදට බං"

කොල්ලගේ හිතත් රිදිලා තියෙනවා කියලා ඌ කතා කරන විදිහෙන්ම මට තෙරෙද්දි මම පුළුවන් තරම් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරන්න ට්‍රයි කලා.

"ඇයි ඔයාගේ යාලුවගේ උපන්දිනේ දවසෙම හිත රිද්දුවට"

"පිස්සුද උබට ඌ මගේ යාලුවා තමා එහෙමයි කියලා මට ඕනේ නෑ උබෙයි උගෙයි ප්‍රශ්න වලට ඇගිලි දාන්න ඒවා උබලම බේරගනිල්ලා මොකද මං ඉන්නේ your life your choice කියන Attitude එකේ"

අන්තිම ටික මම ඩ්‍රාමටික් විදිහට කියද්දි හිච්චිගේ මූනට යන්තම් හිනාවක් ආවා.

"ඒත් මෙහෙමයි මට දෙයක් දැන ගන්න ඕනා"

"මොනා ගැනද?"

"මගේ යාලුවා මේ යන්නේ මිරිගුවක් පස්සෙද මල්ලි? උබේ හිතේ ඌ ගැන පුංචිම හරි හැගීමක් නැද්ද?

නැත්තන් නෑ කියපන් කොල්ලො මොකද එතකොට මට පුළුවන් අඩුම ගානේ මගේ යාලුවගේ හිත හදන්නවත්

මොකද අපි පිස්සුවෙන් වගේ ආදරේ කරන සමහර දේවල් පහු වෙනකොට නොදැනුවත්වම අපිට විස වෙන්න පුළුවන්"

මම හිච්චිගෙන් අහද්දි ජනෙලෙන් එලිය බලන් උන්න කොල්ලා බර හුස්මක් පාත දාලා ජනේලේ ලගින් ඇවිත් මං වාඩි වෙලා උන්න ඇදේ මට එහා පැත්තෙන් වාඩි උනා.

"අයියා දන්නවද මීට අවුරුදු හතරකට කලින් මට හරි ලස්සන පවුලක් තිබුනා.මගේ අම්මා තාත්තා එක්ක මං මොන මදි පුංචි කම් තිබ්බත් වැල්ලේ අපේ ලෑලි ගෙදර හරි සතුටින් ජීවත් උනා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now