"ප්‍රානයියේ, ප්‍රානයියේ"
දෙවියනේ කියලා මොනා නැතත් මට වැල්ලට ආවට පස්සේ එලාර්ම් නම් ඕනෙම නැති වෙයි වගේ.
උදේ පාන්දර දොරට ගහන හිච්චිගේ සද්දෙට මට ඇහැරෙද්දි මම ඇදෙන් නැගිටලා ඇගේ හිරි කඩන ගමන් සාලෙට ආවා.
මොනා නැතත් ඊයේ රෑ මට කාලෙකට පස්සේ සනීපෙට නින්ද ගියා.පහුගිය අවුරුද්දම නින්ද යන්න කියලා නිදි පෙති බිව්වට මට නින්දෙන් උනත් සැනසීමක් නැති වෙද්දි ඊයේ රෑ පුදුමෙකට වගේ මට නරක හීන තිබුනේ නෑ.
"මොකද බං උදේ පාන්දර දොර කඩන්න හදන්නේ, ඉරිදා නේද දෙවියනේ කියලා අදවත් පල්ලිය පැත්තේ පලයන්කෝ."
"සුගතපාලයට කොට කලිසං අන්දන්න,අනේ ප්‍රානයියේ මොන පල්ලිද බං මෙන්න මේක ගනින් මට යන්න නැත්තං අදත් කෑල්ල මිස් වෙයි"
"උබ ලගදිම සුගතපාලයට කොටකලිසං අන්දනවා කෙසේ වෙතත් උගේ දුවට ලයින් දාන්න ගිහින් ඌට කියලා ඇටේනම් තලා ගනී වගේ"
මට උදේ කෑම එක දීලා දුවන හිච්චිට මම කෑ ගහලා කිව්වත් ඒකා නෙමෙයි මම කියන එකකට උත්තර බදින්නවත් නැවතුනේ.
කොයි වෙලේත් හිච්චි කොට කලිසං අන්දන්න හදන සුගතපාල කියන්නේ මුගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙද්දි මූ ලයින් දැම්මෙත් දෙවියනේ කියලා ප්‍රින්සිපල්ගේ දුවටමයි.
කෙල්ල දහම්පාසල් උගන්නන්න යනවා ඊට කලින් ඒකිව බලන්න තමා මූ ඔය මොකද්ද කැඩිච්ච කඩියා වගේ දිව්වේ.
හිච්චිව දැක්කම මට මතක් වෙන්නේ මගේ ඔය වයස.සැප සම්පත් කොච්චර තිබ්බත් ඌට වගේ නිදහසක් මට තිබුනේ නෑ.
මොනා කරන්නද යාලුවෝ එක්ක පිස්සු නටලා නිදහසේ ගෙවන්න තිබ්බ මගේ ජිවිතේ ඒ කාලේ මං ගෙව්වේ පාතාල කාරයො එක්ක මිනී මරන ගමනුයි.
ඉතින් මට අනිත් උන්ට වගේ මතක් කරලා සතුටු වෙන්න තරම් ලස්සන අතීතයක් තිබ්බේ නෑ.
හිච්චි ගිහිනුත් ටික වෙලාවක් යනකන් ඌ ගිය පාරදිහා බලන් කල්පනා කරපු මං කෑම එක කුස්සියෙන් තියලා මූන කට හෝදන් එන්න ගියා.
කාමරේට එහා පැත්තෙන් පොඩියට හදලා තිබුන නාන කාමරේ මටත් හැරෙන්න පෙරලෙන්න ඉඩ මදි වෙද්දි මම කහ ගැහිච්ච සින්ක් ගැට්ටට හේත්තු වෙලා යන්තන් මලකඩ කාගෙන එන ටැප් එක ඇරලා වතුර ටිකක් මූනට ඉහා ගත්තා.
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...