Chapter 33

284 52 15
                                    

"නම උගේ නම කිව්වද"

මෙච්චර වෙලා නොඉවසිල්ලෙන් බලන් ඉදපු මං ෆෝන් එකේ ඉදන් අහද්දි මේඝගේ යාලුවා ෆෝන් එක දිහා බැලුවා.

"අභීන් ඔව් අභීන් ඒකයි නම"

"ගිහින් දාපන්"

මේඝගේ යාලුවව ගිහින් දාන්න කියලා වචන දෙකෙන් කිව්ව මං කෝල් එක කට් කලා.

මේ තරම් වෙලා ඇත්ත දැනන් හිටියත් දැන් ඒ ඇත්ත ස්තීර වෙද්දි මට දැනුනේ මාව පන නැති වෙලා යනවා.

මේඝගේ නමින් හිටපු ශේථුව මම වැල්ලේ දැක්ක මුල් දවසේ ඉදන් උන දේවල් මගේ මතකෙට එද්දි මට දැනුනේ මගේ පපුව හිර වෙනවා වගෙයි.

අවුරුද්දක් තිස්සේ හිර කරන් උන්න වේදනාවේ වැට කඩොලු තවත් නම් බෑ කියන ගමන් කඩන් වැටෙද්දි මගේ දුකත් වාන් දැම්මා.

පපුව විතරක් නෙමෙයි මගේ හුස්මත් හිරවෙන්න වගේ.

උබ ජීවත් වෙනවා මගේ ශේථු අනේ උබ ජිවත් වෙනවා...

ඔලුව පුපුරන්න තරම් කැක්කුම් දෙද්දි මාව එහෙන්මම බිම වැටුනේ මුලු ඇගම පන නැති වෙද්දි.

වේදනාවේ අන්තිම අග්ගිස්සේ හිටපු මගේ ඇස් වල කදුලු නාලික මහාවැලියටත් වඩා වේගෙන් වාන් දාද්දි මම දැක්කේ බොදවුන ඇස් වලින් මගේ ඉස්සරහට එන රූපේ දිහා.

හෙලවෙන්නවත් ඇගේ පන කටක් නොතිබ්බත් මම ඒ රූපේ දිහාට අත දික් කලා මොකද මට ඕනේ උනා මේකත් තවත් එක හීනයක් නොවී තියෙන්න.

හැම දාම අවුරුද්දක් තිස්සේ හීනෙන් විතරක් දකින ඒ රූපේ අද මගේ ඉස්සරහා තියෙද්දි මම අකුරු එකතු කරලා ඒ නම මිමිනුවා.

"ශ්...ශේථ්..ථුහ්හ්"

"ගොඩ කාලෙකින්, එහෙම නේද ප්‍රාති නැත්තන් මම ප්‍රාණ කියන්නද ම්ම්ම්"

මගේ නිකටින් අල්ලලා ඒ කියන වචන එක්ක මං මෙච්චර කාලෙක ශේථුගෙන් නොදුටු පැත්තක් මං ඒ මොහොතේ ඒ ඇස් වල දැක්කා.

ඒ ඇස්, ඒ ඇස් කේන්තියෙන් පිරිලා තිබුනා.
කවදාවත් මගේ ඉස්සරහා මම නොදැකපු තරම් ඒ ඇස් කේන්තියෙන් පිරිලා තිබුනා.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Onde histórias criam vida. Descubra agora