Chapter 20

266 47 6
                                    

"මචන් ශේථුවා, අශාන් ට සිහිය ඇවිත් උබට කතා කරන්න ඕනෙලු"

"උබ කොහෙද ඉන්නේ දැන්"

"මං තාම නුවර බං කොල්ලා ලග දාල තිබ්බ මගේ කොල්ලෙක් කෝල් එකක් අරන් මට කිව්වේ"

"අහ්හ් උගේ නම්බර් එක මට එවපන් මම ගන්නම්"

තේශ් නම්බර් එක එවන්නම් කිව්වට පස්සේ උගේ කෝල් එක කට් කරලා මම ශේථු දිහා බැලුවා.

"බබා අපි හවස් වෙලා එලියට යමුද?"

"ඔයාට හදිස්සියක්ද ශේථු?"

"නෑ බබා අපේ මිශන් එකකට සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදිහට ගියපු කොල්ලෙක් තමා අශාන් කියන්නේ.

මිශන් එකේ ෆයිට් එකකින් ඇක්සිඩන්ට් එකක් වෙලා කොල්ලා මෙච්චර කල් කෝමා හිටියේ.

හැබැයි දැන් කොල්ලට සිහිය ඇවිත් මට කතා කරන්න ඉල්ලනවා.මම හිතන්නේ කොල්ලා අපිට ඕනේ කරන මොනාම හරි දන්නවා."

"අහ්හ් එහෙමද එහෙනම් ඔයා ඒ ගැන බලන්න ශේථු කමක් නෑ"

මං එයාට පලවෙනි පාරට අශාන් ගැන කියද්දි එයා කිසිම කලබලයක් නැතුව අහන් ඉදලා අද ඇවිදින්න නොගියට කමක් නෑ කිව්වා.

එයාගේ තෙරුම් ගැනිමත් එක්ක හිතට සතුටක් දැනුන මං මගේ තොල් ඒ නලලට තද කරද්දි මගේ ෆෝන් එකට තේශ්ගෙන් මැසෙජ් එකක් ආවා.

"අනේ බබා අර මේසේ උඩ තියෙන කොලේ අරන් ඇවිත් මේ මං කියන ඩීටෙල්ස් ටික ලියා ගන්න"

අශාන් ලග හිටියේ තේශ් තියපු CID කොල්ලෙක් හින්දා එහෙම ලේසියකින් ඌට කතාකරන්න මට අමාරුයි.

ඒ හින්දා තේශ් මට ඕනේ කරන විස්තර වගයක් එවලා තියෙද්දි මම ප්‍රාතිගෙන් උදව්වක් ඉල්ලුවා.

"අහ්හ් හරි ඉන්න"

ප්‍රාති කලබලෙන් වගේ මේසේ උඩ තිබ්බ කොලේ අරන් මම කියන විස්තර ලියද්දි මට අහම්බෙන් වගේ දෙයක් නෝට් උනා.

"බබා ඔයාට වමතිනුත් ලියන්න පුළුවන් ද?"

"අහ්හ්හ් මේ ඔව් නේ මට අත්දෙකෙන්ම ලියන්න පුළුවන්"

මට ඒ ගැන වෙන දෙයක් අහන්නවත් අපේ කතාව වැඩිදුර නොගියේ එයා විස්තර ලියපු කොලේ මට දික් කරද්දියි.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Tahanan ng mga kuwento. Tumuklas ngayon