Chapter 18

292 52 7
                                    

දන්නවද ඕනම අනුරාගි රැයකට පස්සේ කාගෙත් ඇගේ රත ගහපු සලකුණු දැක්කහැකි සමහරුන්ට ඒවා නිකන්ම නිකන් මකන්න අමාරු පැල්ලම් වෙද්දි තවත් සමහරුන්ට ඒවා මහා හුගක් වටින මතකයන්ට පාරවල් වෙනවා.

යන්තම් අල්ලද්දි හීනියට රිදුනත් හයිකියක් කියන්නෙම අයිතිය හංගපු තවත් පාරක්.

ඉතින් සමහරු ඉන්නවා ඒ රත ගහන පැල්ලම් වලට ආදරේ කරන වගේම ඒ තැන් වලට අයිති සොදුරු මතක ආයේ ආයේ මතක් කරන.

මමත් දැන් හිටියේ අන්න ඒ කොට්ටාසෙට වැටිලයි.වතුර බින්දු එකින් එක ඇවිත් නිරුවත් මගේ ඇග හෝදන් පහලට වැටෙද්දි මමත් මගේ පපුවේ එයා තියලා තිබුන රත් පැල්ලම් උඩ ඇගිලි ගෙනිච්චා.

ඒ ගෙනියන වාරයක් ගානේ ම ඊයේ රැයේ අනුරාගි මතක මගේ මතකෙට එද්දි මගේ මූනට හිනාවක් ආවා.

තව දුරටත් අපි දෙන්නා දුරස් නෑ කියන හැගීම හිතට පිරුනු හැගීමක් දෙද්දි මම ශවර් එක වහලා ටවල් එක විතරක් ඇදන් එලියට ආවා.

අපිට තව ඉතින් මොනා හංගන්නද? දකින්න ඕනේ ඔක්කොම ඊයේ දැක්කනේ.

ඒත් මම කාමරේට එද්දි එයා කාමරේ නැති වෙද්දි දොර ඇරලා එලියට ඔලුව ඔබපු මට තේශ්ගේ රූම් එකේ බාතෲම් එකෙන් වතුර වැටෙන සද්දෙ ඇහුනා.

උදේ නැගිටිනකොට ඒයා හොදටම නිදි නිසා මම එයාව ඇහැරවන්නේ නැතුව වොශ් එකක් දාගන්න ගියාට මොකද මේකා ඒ ටිකකින් නැගිටලාද කොහෙද.

ඩ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්

අල්මාරියෙන් ඇදුමක් අරන් ඇද ගන්න ගමන් උන්න මට කෝල් එක ආවේ තේශ්ගෙන් වෙද්දි මම කෝල් එක කට් වෙන්න නොදී අන්තිම තප්පරේ ෆෝන් එක අන්ස්වර් කලා.

"හෙලො තේශ් කියහන්"

"අහ්හ් මචං උබ කොහෙද ඉන්නේ මම කලිනුත් ගත්තා නෝ ආන්ස්වර්"

"වෙන කොහෙද බං උබගේ අපාර්ට්මන්ට් එකේ ඉන්නේ මං"

"එහෙමත,හරි හරි කෝ මගේ කුක්කා සනීපෙන් ඉන්නවද?"

හුටා...ඊයේ රෑ ආපු වෙලේම මදනයා ගැහුවා මිසක් මම මෙහෙට එන්න හේතු උන කාරනාව ගැන හොයලා බැලුවේ නෑනේ.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now