Prathi's POV
අපේ ජිවිත හරි පුදුමාකාරයි.මොකද අපේ මේ ජිවිත කතාව ඇතුලෙදි අපිට විවිධ මිනිස්සු මුනහැහෙනවා.ඒත් ඒ හැමෝගෙන්ම අතලොස්සකට විතරයි පුළුවන් වෙන්නේ අතහැරෙන්නේ නැතුව අපේ ජිවිත ඇතුලේ රැදෙන්න.
ඉතින් කෙනෙක් මගෙන් ඇහුවොත් මගේ ජිවිතේ හොදම මුනගැසීම කවුද කියලා.මම දෙපාරක් නොහිතා අනිවාර්යයෙන්ම කියන්නේ ඒ මගේ ශේථු කියලයි.
කලු සුදු මගේ ජිවිතේ පාට වලින් පුරව ගන්න මට ඉගැන්නුවේ මගෙ ශේථුයි.ආදරේ කියන්නේ කොයි වගේ හැගීමක්ද කියලා මට ඉගැන්නුවෙත් මගෙ ශේථුයි.
ඉතින් තවත් නිර්වචනය මොනාටද මගේ ජිවිතේ හොදම හමුවීම මගේ ශේථුයි.
එදා මම දේවල් දරාගන්න බැරුව සුයිසයිඩ් කරගන්න ගියාට ඇත්තටම මම හිතුවේ නෑ එදායින් පස්සේ මේ දේවල් මෙහෙම වේවි කියලා.
ආයෙම ඇස් අරින්න උවමනාවක් නොතිබ්බ මට මං ඇස් ඇරපු පලවෙනි තත්පරේම මගේ ශේථුගෙන් උනුසම් වැලදගැනීමක් ලැබෙද්දි සත්තයි මට ආයෙම ජීවත් වෙන්න ඕනේ උනා.
ඒ කටින් මොනදේ නැතත් මොන පැහැදිලි කිරිම් නැතත් තාමත් මගේ ආදරේ විශ්වාසයි කියද්දි මට දැනුනේ මම ලොකෙම දින්නා හා සමාන හැගීමක්.
ඒ ඇස් වල ආයෙමත් ඉස්සර වගේම ආදරේ උතුරන්න මම දකිද්දි සත්තයි මගේ හදවතට දැනුනේ මහා තෘප්තිමත් හැගීමක්.
ඒත් දැන්....මේ මොහොත....මම කවදාවත් මෙහෙම දෙයක් වේවි කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කලේ නෑ.ශේථුගෙයි මගෙයි බැදීමේ මුල් ගල උනේ රැවටීමක් විතරක් වෙද්දි ඇත්තටම මම මේ වගේ දෙයක් වේවි කියලා හීනෙකින් වත් හිතුවේ නෑ...
ඒත් දැන් ඒ හිනෙකින් වත් මම නොහිතපු ඒත් හිතන්න ආස උන දේ ඇත්තක් වෙලා.
එක දනක් නමලා අතක රින්ග් බොක්ස් එකකුත් තියන් මගේ ඉස්සරහා මේ ලෝකේ මට විතරක්ම බලන්න අයිතිය තියෙන හිනාවත් එක්ක දනගහන් ඉන්න ශේථුගේ වචන වලට සත්තයි මට හුස්ම හිරවෙන්න ආවා.
කවදාවත් මගේ ජිවිතේට ලැබෙයි කියලා හිතන්නවත් බැරි විදිහේ වටිනාකමක් ශේථු මට අද දෙන්න ලෑස්ති වෙලා ඉද්දි ඇයි මම පස්ස ගහන්නේ.
![](https://img.wattpad.com/cover/359158993-288-k964705.jpg)
YOU ARE READING
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)
Fanfictionඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද...