Chapter 5

400 62 4
                                    

"අහ්හ් මේ එන්නේ ඉලන්දාරියා"

මමී පඩිපෙල බැහැල එන ගමන් හිටපු මං දිහා බලන් කියද්දි මං බලාගෙන එයා මං දිහා බලලා ගස්සලා අහක බලාගන්නවා.

එයාගේ විකාර වැඩ වලට මගේ මුනට හිනාවක් එද්දි මම ගිහින් එයාට මූනලා මමීගේ එහා පැත්තෙන් වාඩි උනා.

ඩැඩී අද එන්න රෑ වෙන නිසා අද අපේ ගෙදර හිටියේ මමයි මමී විතරක් වෙද්දි එයාලගෙනුත් ඇවිත් හිටියේ ප්‍රාතියි එයාගේ අම්මයි විතරයි.

"කෝ ආන්ටි අන්කල් ආවේ නැද්ද"

"නෑ පුතා අංකල්ට ටුවර් එකක් වැටුනනේ ඊයේ ගිහින් අනිද්දා තමා එන්නේ ඉතින්"

අද හවස සිද්දිය මතක් වෙලා මම අහද්දි ආන්ටි වෙනසක් නැතුව හිනා වෙලා මට උත්තර දුන්නත් මම බලාගෙන අංකල්ව මතක් කරා විතරයි ප්‍රාතිගේ මූන අමුතු වෙනවා.

"එහෙම තමා ටුවරිසම් කරන අයට ඉතින් වැඩ ටිකක් වැඩිනේ, මිස්ටර් ප්‍රනාන්දු ඉන්න දවසක් බලලා අපිට ආයේ ඩිනර් එකක් ඇරෙන්ජ් කරන්න බැරියෑ නේද පුතා"

මමී කියද්දි මම කල්පනා කලේ එතකොට මම හවස දැක්කේ කාවද කියන එක.මට හොදටම විශ්වාසයි මම ඒ දැක්කේ අන්කල්ව කියන එක.

ඒ කියන්නේ බැරි වෙලාවත්

අන්කල්

ගෙදර අයට හොරෙන්

කොටුවක්වත් පැන්නද?

එක පාරටම මගේ ඔලුවට ආපු දේත් එක්ක මං බයවෙලා වගේ අන්ටියි ප්‍රාතියි දිහා බලද්දි මං දැක්කේ මං දිහා ඇස් හිනී කරන් බලන් ඉන්න ප්‍රාතිව.

මම ඉක්මනට එයාගේ ඇස් මගැරලා මමිගේ කතාවට අවදානේ දුන්නේ මට හිතුන දේ එක්ක ප්‍රාතිට මූන දෙන්න බැරි හැගීමක් එද්දි.

.

.

"තාත්තා ටුවර් එක ගියේ කොහාටද ප්‍රාති"

අපි හිටියේ ගඩ්න් එකේ තිබුන ලොකු ඔන්චිල්ලාවේ දෙපැත්තේ වාඩි වෙලා හිමින් සැරේ පැද්දෙන ගමන්

අපි හිටියේ ගඩ්න් එකේ තිබුන ලොකු ඔන්චිල්ලාවේ දෙපැත්තේ වාඩි වෙලා හිමින් සැරේ පැද්දෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Where stories live. Discover now