02 - iii

611 115 15
                                    

පහුවදා මම උදෙන්ම නැගිටලා ලෑස්ති වුනෙ වැඩට යන්න.... ඇදෙන් නැගිටපු මම වොශ් දාලා ෆුල් සූට් එක ඇදලා කන්නාඩිය ඉස්සරහට වෙලා කොන්ඩෙ හද හද හිටියේ තව වෙලාව තියෙන නිසා... කාර් කී එකත් අරන් වොලට් එකත් අරන් පඩිපෙල දිගේ පහලට බහිද්දී මට ආවේ කටට කෙල උනන සුවදක්.... අජුම්මා ඇවිත් ඇති.... එයා උයනවා ඇතී.... කියලා හිතන් මම ඉක්මනින් පඩිපෙල දිගේ පහලට බැස්සෙ අජුම්මා හදන කෑම කන්න මං හුගාක් ආස නිසා...

ඒත් අපේ ගෙදරදි අජුම්මා කෑම හදද්දි එන සුවදට වඩා අද මුලු ගේම සුවදින් පිරිලා.... මගේ බඩේ පනුවොත් කෑ ගහනවා ඒ සුවදට.... සුවද වැඩි කමටම මගේ බඩ පිටටම ඇලිල වගේ මට දැනුනේ....

මම පහලට යද්දී මම දැක්කේ.... ටේහ්‍යුන්.... කුස්සියේ ඒප්‍රන් එකකුත් ඇදගෙන හරි හරියට කෑම හදනවා.... ඇත්තටම එයා ලස්සනයි... කියා ගන්න බැරි තරම් ලස්සනයි.... එහෙට මෙහෙට පැන පැන එලවලු කපනවා... ලිපේ තියෙන එක බලනවා... හැදිගානවා... හරිම කඩිසරයි... සැමියෙක්ට හරියටම ගැලපෙන කෙනෙක්...

මට තේරෙන්නෙ නෑ තේහ්‍යුන් ඔයා කරන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා... සල්ලි වලටද මාව බැන්දේ... නැත්තන් කිම් අන්කල්ගෙ හරි මගෙ අප්පගෙ හරි බල කිරීමටද... ඔයා ඔය හේතු දෙකෙන් එකකට තමයි මට ආදරේ කරන්නේ... මම දන්නවා...

( අනිවාරෙන්ම මේක අහන ගමන් කියවන්න.... )

ඒත් ඔයා දන්නවද.... අද ඔයා මගේ හිත මටත් හොරාම හොරකම් කලා කියලා... නෑ නෑ ජංකුක්.... එයා සල්ලි වලට නෙමෙයි නම් මාව කසාද බැන්දේ එයාට ඊයේ මං අරම බනිද්දී කතා කරන්න තිබ්බා... ඔව්... එයා එහෙම කලේ නෑ... එයා වැරදි නැත්තන් නිශ්ශබ්දව ඉන්නේ නෑනේ... එයාට කියන්න දෙයක් නැති වුනේ මං කියපු හැම දෙයක්ම ඇත්ත නිසා....

මගේ අත් මිට මෙල වුනා... ඊයේ වුනු ඒ සිදුවීම .... ඒක මගේ හදවත හැම නිතරම පැහැරුවා... ඇයි ටේහ්‍යුන් මේ විදිහට මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ... කැමති තරම් සල්ලි දෙන්නම් ප්ලීස් මගේ ජීවිතෙන් යනවා යන්න....

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now