02 - vi

495 105 10
                                    

කලින් දවසෙ රෑ සිද්ද වුනු දේත් එක්ක ජංකුක්ට තමන් ගැනම ඇති වුනේ ලැජ්ජාවක්... උදේ ටේට සාත්තු සප්පායම් කරලා ආවත් තමන්ගෙ අතින් වුනේ හදන්න බැරි වැරැද්දක් නේද කියලා හිතෙද්දි ජංකුක්ට තමන් එක්කම ලොකූ තරහක් ඇතිවුනා.... වුනු දේවල් ආයෙ හරිගස්සන්න බෑයි කියලා හිතපු ජංකුක් එයාගෙ හදවතේ ටේට ඉඩක් දෙන්න ජංකුක් තීරනේ කලා..

ඒත් ටේට ලේසියෙන් එහෙම අවස්තාවක් දෙන්න ජංකුක්ගෙ හිත එයාට ඉඩ දුන්නේ නෑ... මුලින්ම ටේ ඇත්තටම එයාට ආදරේ කරනවද නැද්ද කියලා දැන ගන්න ජංකුක්ට ඕන වුනා.... ඉක්මනින් ගෙදර යන්න කාර් කී එකයි වොලට් එකයි ගත්ත ජංකුක්ගෙ කකුල් එක තැන නතර වුනේ දැන් කොහොමද ටේට මුහුන දෙන්නෙ කියලා කල්පනා කරමින්... ආපහු ඉස්සරහට තිබ්බ කකුල පස්සට ගත්තු ජංකුක් කැබින් එකේ එයාගේ පුටුවට ගිහින් ඉදගෙන ඔලුව ඒකේ ගහ ගත්තේ දැන් මොකක්ද කරන්න ඕනේ කියලා හිතන ගමන්....

ඒත් එක්කම ජංකුක්ගෙ කැබින් එකට ආවේ රෝස් ජංකුක්ගෙ ඇසිස්ටන්...රෝස් කියන්නේ ජංකුක්ගෙ පෙනුම නිසා ජංකුක්ගෙ සල්ලි නිසා ජංකුක්ට වහ වැටුනු කෙනෙක්...

Rose : සර්... මේ ෆයිල් ටික ගොඩක් ඉම්පෝර්ටන්ට්... හෙට තියෙන මීටින්ග්ස් වල ඒවා... සර් චෙක් කරලා සයින් කරන්න...

ෆයිල් එක දිහා බලාගෙන කියපු රෝස් ඔලුව උස්සද්දි දැක්කේ ජංකුක් චෙයා එකේ හෙඩ් එකට ඔලුව තියන් බර කල්පනාවක ඉන්නවා...

Rose : සර්යූකේ...

Jungkook : කියන්න රෝස්...
රෝස්ගෙ කටහඩින් ඔලුව උස්සපු ජංකුක් දැක්කේ ෆයිල් මිටියකුත් අතේ තියන් තමන් දිහා බලන් ඉන්න රෝස්ව... ජංකුක් හුගාක් විශ්වාස කරපු කෙනෙක් තමයි රෝස් කියන්නේ... ඒ නිසාමයි එයා ජංකුක්ගෙ ඇසිස්ටන් වුනේ... ඒත් ජංකුක් දන්නේ නෑ රෝස්ගෙ අහිංසක මූන යට තියෙන රාක්ශ මූන වගේම... එයා පෙන්නම් ඉන්න තරම් එයා අහිංසක හැදිච්ච කෙල්ලෙක් නෙමෙයි කියලා ජංකුක් දන්නෙ නෑ... රෝස් මේ කම්පැනි එකේ වැඩ කරන්නෙ අවුරුදු තුනක ඉදන්.. ඒ නිසා ජංකුක්ගෙ අප්පාට වගේම ජංකුක්ටත් රෝස් විශ්වාසවන්ත සහයිකාවක්...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now