02 - iv

690 119 34
                                    

( උඩ තියෙන විඩියෝ එකේ මියුසික් එක අහන ගමන්ම අනිවාරෙන්ම කතාව කියවන්න.. )

සති දෙකක්... ඔව්... එයයි මමයි මැරි කරලා සති දෙකක්... මම ඒ සති දෙක පුරාවටම හැසිරුනේ ටේහ්‍යුන් කියලා කෙනෙක් ගෙදර නැති ගානට... එයා මාත් එක්ක කතා කරන්න උත්සහ කරන හැම වෙලාවකම මම එයාව මග හැරියා.... එදා මම ප්‍රශ්න කරපු වෙලේ උත්තර දීගන්න බැරි වුනු එයා එක්ක ආයේ මට කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ... මගේ හිත ගලක් කරන් මම හිටියා... ඒ මූන දකින හැම වතාවකම මම මගේ හදවතේ බැදගෙන ඉන්න පවුර කැඩිලා යනවා... එයාට මාව ආකර්ශනේ වෙනවා වගේ දැනෙනවා... මගේ හදවත හයියෙන් ගැහෙනවා... ඔව්... මගේ හිත ඒ බොරුකාරයට ආදරේ කරන්න පටන් අරන්... මම හොයන්නේ ආදරේ... මට කවදාවත් නොලැබුනු ඒ ආදරේ.... මගේ හදවත හොයන එකම දේ ආදරේ... එයාගෙනුත් මං හොයන්නේ ආදරේ... ඒත් එයත් කරන්නේ මට බොරුව... ඒ ගැන දැන දැනත් මම එයාගෙන් ආදරේ හොයනවා... එයාට ආදරේ කරන්නත් පටන් අරන්...

" නෑ ජංකුක් ඔයාට එහෙම කරන්න බෑ... ආපහු පාරක් විදවන්න බෑ... පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න... ඒක ඔයාට ඔයාගෙ හිත හදා ගන්න උදව් වෙයි.... සල්ලි වලට ආදරේ කරන කෙනෙක්ගෙන් ඇත්තම ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ.... අන්න ඒක හොදට මතක තියා ගන්න ජංකුක්... ඒත්... ඒත් එයා මේ කාලේ පුරාවටම... එකම එක සතයක්වත් වියදම් කරලා නෑ.. අඩුම මගෙන් ඉල්ලුවෙවත් නෑ කිසිම දෙයක්... එයාට සල්ලි ඕනනම් මගෙන් ඕන තරම් ඉල්ලන්න තිබ්බා.. එහෙනම් මං එයාට මගේ සම්පූර්න දේපල හරි දීලා සතුටින් මට ආදරේ කරන කෙනෙක් එක්ක ජීවත් වෙනවා... ඇයි... ඇයි ටේහ්‍යුන් මට මෙහෙම කරන්නේ... ඔයාට මොනාද ඕනේ... ඔයාට සල්ලිද ඕනේ... නැත්තන් මගේ කදුලු දකින්නද... මගෙ ජීවිතේ විනාස වෙනවා බලලා සතුටු වෙන්නද ඔයාට ඕනේ... මං විදවන දිහා බලන් සතුටු වෙන්නද ඕනේ... කියනවා මට... "

මගේ කදුලු මට නතර කර ගන්න බෑ... රිදෙනවා ... මට හුගාක් රිදෙනවා... එයා වගේ කෙනෙක් නැති ගානට මම මේ හැසිරෙන එකෙන් රිදෙන්නේ මටමයි... ඇයි ටේහ්‍යුන් ඔයාට බැරි මට ඇත්තටම ආදරේ කරන්න....

මම මටම සමච්චලේට හිනා වුනේ මම ඒ හිතපු දේ නිසා... සල්ලිවලට තන්හා මිනිස්සුන්ව කවදාවත් වෙනස් කරන්න බෑ...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now