02 - xi

539 97 16
                                    

At hospital icu...

ජංකුක් icu එක ඉස්සරහ එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ කලබලෙන්. ඒ අතරෙම ජ්ංකුක්ගෙ පෝන් එකට කෝල් එකක් ආවා. 
එකෙ නම

" යුංගි හ්‍යුන් "

නම දැකපු ගමන්ම ජංකුක් හුගක් කලබල වුනා. දැන් කොහොමද යුංගිට මේ දේවල් කියන්නේ? යුංගි හ්‍යුන් මොනා කරයිද ? මොන විදිහට හැසිරෙයිද ? ඒ දේවල් ගැන හිතද්දි ජංකුක් හුගක් කලබල වුනා. ඒ වගේම යුංගී ටේහ්‍යුනුයි ගැන හිතද්දී ජංකුක්ට තමන් ගැනම කල කිරීමක්, අනුකම්පාවක් දැනෙන්න ගත්තා. ඒ නිසාම ජංකුක්ගෙ මූන හැගීම් වලින් විරහිත එකක් වුනා. ජංකුක් එහෙම්මම පෝන් එක කට් කරලා දැම්මා.

පෝන් එක කට් කරලා ටිකකින් ඩොක්ට කෙනෙක් icu එකෙන් එලියට එනවා දැකපු නිසා ජංකුක් ඩොක්ට ගාවට දුවලා ගියේ ටෙහ්‍යුන් ගැනත් පැටියා ගැනත් දැන ගන්න.

Jungkook : doctor...

Dr : oh මේ පේශන්ට්ගේ හස්බන්ඩ් වෙන්න ඇති. කලබල වෙන්න දෙයක් නෑ දරුවනම් හොදින්. ලස්සන කෙලි පැටියෙක්. Congratulations mr. ඒත්...

ජංකුක්ට දැනුනෙ මහා අසරන කමක්. අනුන්ගෙ ඩ්ගරුවෙක්ට තමන්ට සුබ පැතුම් හම්බ වුනු එකෙන් ජංකුක්ට දැනුනේ අසරන කමක්. ඒත් ඒක ඇත්තටම එහෙම නෙමෙයි කියලා ජංකුක් දැනගෙන හිටියේ නෑ.. ඩොක්ට ඒත් කියලා  කියද්දී ජංකුක්ට කෙල ගිලුනා. මොකක්ම හරි වරදක් වෙලා තියෙන බව ජංකුක්ට තේරුනා.

Jungkook : ඒත්... ඒත් කිව්වේ... ඇ.. ඇයි ඩොක්‍ට....

Dr : මේකයි මිස්ට.....

Jungkook : jeon... මම ජියොන්...

Dr : ok mr.jeon. ඔයාගේ හස්බන් ඉන්නෙ සීරියස් තත්වෙක... එයාගේන් බ්ලීඩ් වෙන එක තවම නැවතිලා නෑ.. අපි බලමු රිපෝට් එනකන් අපිට කිසිම දෙයක් කරන්න බෑ.. එතකන් ගිහින් පැටියවයි හස්බන්වයි බලන්න.. යන්න...

ජංකුක්ගෙ පිටට තට්ටු කරපු ඩොක්ට එහෙම කියලා තමන්ගෙ කැබින් එකට ගියා...මුහුනෙ අසරන හිනාවක් ජංකුක් නගා ගත්තේ හරියට තමන්ටම හිනා වෙනවා වගේ. එහෙම්මම ටේහ්‍යුන් හිටපු රූම් එකට ජංකූක් ගියා... නමුත් ඒ වෙනකොටත් ටේහ්‍යුන් හිටියේ සිහිය නැතුව... ටේහ්‍යුන් ඇල වෙලා ඉන්න හොස්පිටල් බෙඩ් එකට දකුනු පැත්තෙන් තිබුනු තොටිල්ලේ ජංකුක්ගෙත් ටේහ්‍යුන්ගෙත් දරු පැටියා සුව නින්දක යෙදෙමින් හිටියා...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now