02 - xii

513 91 14
                                    

පහුගිය කොටසින්...

ටේට නින්ද ගිය සැනින්ම නැගිට්ට ජිමින් දරුවව තොටිල්ලෙන් තියලා ගියේ ඩොක්ටව හම්බ වෙන්න. ඩොක්ටව හම්බ වුනු ජිමින් ටේව ඩොක්ටට ගෙනියන්න ලෑස්ති කරන්න කියලා කෙලින්ම ගියේ ජංකුක් ගාවට. ඒ වෙනකොටත් ජංකුක් හිටියේ ටේ ඉන්න හොස්පිටල් රූම් එක ඉස්සරහ තියෙන පුටු පේලියේ ඉදගෙන නිදි කිරමින්.

...............................................................................

ජිමින් : ජංකුක්... ජංකුක්... නැගිටිනවා මනුස්සයෝ... තමුසෙ මගෙන් මැරුම්කන්න කලින් නැගිටිනවා...

නිදි කිර කිර හිටපු ජංකුක්ගෙ කමිසෙ කොලර් එකෙන් අල්ල ගත්තු ජිමින් ජංකුක්ව හෙලෙව්ව් නැගිට්ටන්න.. ජිමින්ගෙ හෙලවිල්ලෙ තරම කොයි තරම්ද කියනවනම් ජංකුක් ඇදන් හිටපු ශර්ට් එකේ බොත්තම් දෙකක්ම ගැලවිලා විසික් වෙලා ගියා. ජිමින් හිටියෙ හුගාක් කේන්තියෙන්. ජිමින්ගෙ කේන්තිය වැඩි කමටම ජිමින්ගෙ මුලු මූනම රතු වෙලා බෙල්ලෙ අත්වල නහර ඉලිප්පිලා තියෙන විදිහ ඕනම කෙනෙක්ට බලාගන්න පුලුවන්.

ජංකුක් : මිස්ට පාක්... මොකද මේ.....

නිදිමතේ නැගිට්ට ජංකුක්ට ජිමින්ගෙ මේ හැසිරීම ගැන තේරුමක් නොතිබ්බ නිසා ජංකුක්ට කේන්ති ගියා...

ජිමින් : තමුසේ... තමුසෙ ගැන මම බලා ගන්නම්.. මන් තමුසෙව අතහරින්නෙ අර පොඩි එකා නිසා.. පාහර බල්ලා.. තෝ මගේ යාලුවට.. මගේ සහෝදරයට කරපු අපරාදෙ මං අමතක කරන්නෙ නෑ... තමුසෙ මේවට විදවයි... තමුසෙ නිසා ඒ අහින්සකයා ඇදක් උඩ ජීවිතේ යදිනවා... තමුසෙට අවුරුදු ගානක ඉදන් ආදරේ කරපු පවටද ඒ අහිංසකයට මෙහෙම කලේ... තමුසෙගෙ ලෙයින් හැදුනු ලමයෙක් නේදඅහිංසකයා ඒ බඩේ දරාගෙන හිටියේ... තමුසෙ ඒ අහිංසකයට එක පාරක්වත් හොදින් සැලකුවද කියනවා.. පාහරයා... දැන්වත් මනුස්සයෙක් වෙනවා... මං තමුසෙව අත හරින්නේ අර අහිංසක පැටියට තාත්තෙක් ඕන නිසා.. මං ආපහු එනකන් ටේගුකීව බලා ගත්තේ නැත්තන් මං තමුසෙව මරනවා... ඒක මතක තියා ගනින්...

කේන්ති ගියපු ජිමින් ජංකුක්ගෙ මූනටත් දෙතුන් පහරක් ගහලා කෑ ගැහුවේ හිතේ ටේගැන තිබ්බ වේදනාවටයි... කියන්න තියෙන ටික ජිමින් කියලා ඉවර වෙලා අනිත් පැත්ත හැරුනේ ටේහ්‍යුන්ව ට්‍රොලියක දාලා අරන් එනවා දැකපු නිසා... ජංකුක් තවමත් කල්පනා ලෝකෙක.. ටේව ඩොක්ටස්ලා ගෙනියනවා දැක්කත් කොල්ලට සිහියක් තිබුනෙ නෑ... ජිමින් කියපු දේවල් ජිමින්ගෙන් ලැබුනු කම්මුල් පහරවල් එක්ක ජංකුක් හිටියේ තෝන්තු වෙලා වගේ...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now