02 - xv -THE END

634 81 23
                                    

මාස 02කට පෙර...

ජිමින් හිටියේ ටේට බෙහෙත් දෙන ගමන්... ටේට බෙහෙත් ටික දුන්නු ජිමින් ටේව වීල් චෙයා එකෙන් තල්ලු කරන් ගිහින් තිබ්බේ වින්ඩෝ එක ගාවම තියන ටේබල් එකෙන්.. මොකද ටේ ඉන්න ආසම තැන ඒක.. වින්ඩෝ එකෙන් පේන ලස්සන අහස දිහා බලන් කල්පනා ලෝකෙක ගිලෙන එක තමා දැන් ටේට තියෙන එකම සැනසීම. මොකද ඒ ලෝකේ ඉන්නෙ එයාගේ ජංකුක් වගේම ටේගුකී නිසා... ඒත් එක්කම ඇහුනේ පහලින් ගෙදර බෙල් එක ගහන සද්දයක්.

ජිමින්: ටේ.. පොඩ්ඩක් ඔහොම ඉන්න මං කවුද බලලා එන්නම් හරිද...

ටේ : හරි ජිමින් ඔයා යන්න...

ජිමින් පහලට ගියාට පස්සෙ ටේ ටික වෙලාවක් ටේබල් එක ගාවට වෙලා අහස දිහා බලන් හිටියා.. ටිකකින් එයාට ඇහුනේ ෆෝන් එකකට නොටිෆිකේශන් එකක් එන සද්දයක්... ටේ දැක්කා ජිමින්ගෙ පෝන් එක එයාගේ සයිඩ් ටේබල් එක උද තියෙනවා... ටේ රෝද පුටුවත් තල්ලු කරන් එතනට ගියේ ජිමින්ට කතා කරලා කියන්න.. ඒත් ටේගේ හිත කිව්වෙම ඒක බලන්න කියලා.. ඒක එවලා තිබ්බෙ වෙන කවුරුත් නෙමෙයි. ජින්...

ඒක ජින්ගෙ ආපු වීඩියෝ එකක් තිබ්බේ... ටේගේ හිත කිව්වෙම ඒක බලන්න කියලා.. මොනද ජින් එවන්නෙම විකාර දේවල් නිසා... ජිමින්ගේ පෝන් එකේ ලොක් එක ඇරපු ටේ චැට් එකට ගියේ ඒ වීඩියෝ එක බලන්න.. ඒ වීඩියෝ එක ප්ලේ කරපු ගමන් ටේගේ ඇස් වලට කදූලු උනන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

ඒකේ හිටියේ එයාගේ ජංකුක් එක්ක එයාගෙ ටේගුකී... පුංචි රෝස මල. ඔව් ඒ වීඩියෝ එකේ තිබ්බෙ ජංකුක් හැමදාමත් වගෙ පසුතැවී තැවී අඩන එකක්. එයාගේ ටේටේගෙන් එයාගේ රෝස මලගෙන් සමාව ඉල්ල ඉල්ල තමන්ටම රිද්ද ගන්න ජංකුක්ව දැක්කම ටේගෙ අත් වෙව්ලන්න ගත්තා... ඒ චැට් එකේම උඩට යන්න යන්න ටේ දැක්කේ ජංකුක් තුවාල කර ගත්තුවා ටේගුකීව බදාගෙන හීනෙන් අඩන ඒවායේ පොටෝ වීඩියෝ. එයගේ ඩයරිය තුරුලු කරන් අඩ අඩ මගේ ටේ මට සමාවෙන්න. අනේ අපි ගාවට එන්න. කියලා අඩන වීඩියෝ. ඒවා ඔක්කොම cctv රෙකෝඩ් කියලා ටේහ්‍යුන්ට තේරුනා.

ඔව්. යුංගිගෙයි ජින්ගෙයි නම්ජූන්ගෙයි සාකච්චාවක අවසානයේ ජංකුක්ට හොරෙන් එයාගෙ කාමරේ cctv සෙට් කලේ වෙන මොකුත්ම නිසා නෙමෙයි. ජංකුක්ගෙම ආරක්ශාවට. මොකද ජංකුක් තමන්ගෙ ජීවිතේ කීප පාරක්ම නැති කර ගන්න හැදුව නිසා.. ඒත්පස්සෙ පස්සෙ ජංකුක් කලේ ජීවිතේ නැති කර ගන්නෙ නැතුව තමන්ටම රිද්ද ගත්තු එක. මොකද එයාගේ ටේගුකීට දැන් ඉන්නෙ එයා විතරක් කියලා ජංකුක්ට මතක් වුනු නිසා.. එයාගේ පුංචි රෝසමලව අනාතයෙක් කරන්න බැරි කමට ජංකුක් ජීවත් වුනා.. හැබැයි තමන්ටම දඩුවම් දීගත්තා... ජංකුක් ඕනම වෙලාවක බැලුවොත් ඇදන් ඉන්නේ අත් දිග හූඩී ටීශර්ට්. මොකද එයාගෙ අත් එයාට එයාගෙ හ්‍යුන්ලගෙන් හංගන්න ඕන උනා.. ඒත් ජංකුක් දන්නෙ නෑ එයාගේ හ්‍යුන්ලා හැමදාම ඒ දිහාබලන් හිටියා කියලා..

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now