02 - xiii

350 69 5
                                    

1 years later

අදට හරියටම අවුරුද්දක්...

' ඔව් මගේ ටේ අපිව දාලා ගිහින් හරියටම අවුරුද්දක්.. අද ටේගුකීගෙ පලවෙනි උපන්දිනේ... ඒත් ටේගුකීගෙ අප්පගෙ වැරදි නිසා අද මගේ ටේගුකීගේ පලවෙනි උපන්දිනේට එයාගේ පපා නෑ..

අප්පට සමාව දෙන්න එපා පැටියො කවදාවත්. අද ඔයාට ඔයාගේ පපාගෙ උනුහුම නොලැබෙන්නෙ මේ ඔයාගේ පවුකාර අප්පා නිසා... '

ජංකුක් නිදන් ඉන්න චූටි ටේගුකීගෙ තොටිල්ල ගාව දනගහන් අඩන්න පටන් ගත්තේ හැමදාමත් වගේ ටේගෙ ඩයරිය තුරුලු කරන්...

ට්‍රීං ට්‍රීං...

ගෙදර බෙල් එකේ සද්දෙ ඇහෙනවත් එක්ක ඇස් වල තිබ්බ කදුලු පිහිද ගත්තු ජංකුක් ටේගුකීගෙ හිසට මෘදුව හාදුවක් තියලා ටේගේ ඩයරියත් බෙඩ් කබඩ් එක උඩින් තියලා පහලට ගියේ ආවේ කවුද කියලා හොදින්ම දැනගෙන...

දොර අරිනවත් එක්කම එතන හිටන් හිටියේ අතින් පයින් කරින් බෑග් තොගයක් එල්ල ගත්තු යුංගී නම්ජූනුයි. ඊට ඉස්සරහින් පෙට්ටියක් අතින් අරගත්තු ජිනුත් හිටියා... ඔව් මේ කට්ටිය ඇවිත් තියෙන්නේ ටේගුකීගෙ පලවෙනි උපන්දිනේ සමරන්න..

ඒත් ජංකුක් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.. මොකද එයාඅ ඕන වුනේ නෑ එයාගෙ ටේ එයාවයි ටේගුකීවයි දාලා ගියපු දවස සමරන්න... තමන්ගෙ අතින් වුනු ඒ පවුකාර සිද්දිය සිද්ද වුනු දිනෙර් එයාට සමරන්න ඕන වුනේ නෑ... මොකද ඒක ජංකුක්ට දැනුනේ මිනියක් මරලා ඒ මිනී මැරුම කරපු දිනේ සමරනවා වගේ නිසා.

Jungkook : හ්‍යුන්.... මං කිව්වා නේද පාටි දාන්නෙ නෑ කියලා.. ටේ නැතුව මේ ගෙදර කිසිම විදිහෙ උත්සවයක් මන් ගන්නෙ නෑ.... 😔

ජංකුක්ගෙ එක වචනයක්වත් ගනන් නොගත්තු ජින් ජංකුක්වත් තල්ලු කරන් ගෙට ආවේ යුංගිටයි නම්ජූම්ටත් ඇතුල්ට එන්න අතින් සන් කරලා.. ජින් හ්‍යුන්ගෙ හැටි දන්න නිසාම ජංකුක්වුත් දොර වහල ඇවිත් සෝෆාවෙන් ඉද ගත්තේ කට්ටියම එතන ඉද ගත්තු නිසා...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now